(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව දැනටමත් අයි.එම්.එෆ් ගිවිසුම කඩා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආධාර කරන්නට නම් නීතියේ උත්තරීතර බව ආරක්ෂා කරන්නැයි  අයි.එම්.එෆ් සංවිධානය පවසා තිබුනත් ආණ්ඩුව සල්ලි ලැබුණ සැනින්  මැතිවරණ කල් දැමූ බවත් ජුලි මාසයේ  දී ආණ්ඩුවට මේවාට  උත්තර දෙන්න වනු ඇති බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

රජයේ  ආදායම දෙගුණයක් වී ඇතැයි ද ඒ අනුව ආණ්ඩුවට ඡන්දෙ තියන්න හැකියාව  ඇතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.