
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අල පෙති(Potato Chips) යුරෝපය ඇතුළු ඇතුලු ලෝකයේ රටවල් වලට අපනයනය කරන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරවෙල කහත්තේවෙල ඉදි කර තිබේ.
කහත්තේවෙල ප්‍රදේශයේ තරුණ ගොවි පිරිසක් විසින් පවත්වාගෙන යන කහත්තේවෙල තරුණ ගොවි සමාගම විසින් මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන හා අපනයන කටයුතු සිදු කරනු ලබයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහන SAPP මුල්‍ය ආධාර ද මෙම කර්මාන්ත ශාලාව සඳහා ලබා දී තිබේ.
ලංකාවෙි පෞද්ගලික අංශය විසින් මේ වනවිට අර්තාපල් පෙති හෙවත් Potato Chips විදේශ රටවලට අපනයනය කිරීම කරනු ලබයි.
2021 දී මෙරට අර්තාපල් පෙති ටොන් එකක් ඩොලර් 6314ක් වැනි ඉහල මිලකට අපනයනය කර තිබේ.
මේ වනවිට ලංකාවෙි Potato Chips සඳහා ඇති ඉල්ලුම සියයට 11 දක්වා ඉහළ ගොස් ඇත.ශ්‍රී ලංකාවේ Potato Chips සඳහා මාල දිවයින, කැනඩාව, එක්සත් රාජධානිය, ලක්සම්බර්ග්, දකුණු කොරියාව වැනි රටවලින් විශාල ඉල්ලුමක් පවතී.
විදේශ රටවල සිට ද මෙරටට අර්තාපල් පෙති ආනයනය කිරීම ද සිදු කරයි. 2021 වර්ෂයේ මෙරටට Potato Chips ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 21කි. මෙම Potato Chips කර්මාන්ත ශාලාව බණ්ඩාරවෙල කහත්තේවෙල ප්‍රදේශයේ ආරම්භ කිරීමට පියවර ගනු ලැබුයේ දැනට වැලිමඩ හා නුවරඑළිය මෙන්ම බදුල්ල ප්‍රදේශයේ අර්තාපල් වගාව සිදු කරන නිසා පහසුවෙන් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ඇති හැකියාව නිසා බවත්, මෙම මගින් අර්තාපල් වගා කරන ගොවි පවුල් 180කට තම අස්වැන්න මෙම කර්මාන්ත ශාලාව මගින් මිල දී ගැනීමටත් සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කහත්තේවෙල Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ලබන මස දී ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු යොදා ඇතැයි කහත්තේවෙල තරුණ ගොවි සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අර්තාපල් කිලෝවක් හදන්න යන පිරිවැය අති විශාලයි.. පිටරටවල් සමග සසඳන විට... මේවා කියපල්ලා කොණ්ඩෙ බඳින චීනුන්ට...
ඔතන තියන ලොකු අල ගෝනියත් පෙති ගහලා රට අරින්න
ලංකාවෙ අර්තාපල් අස්වැන්න ගලවන කාලයට අර්තාපල් ආනයනය කරන්න ගන්නවා එහෙම වුනාම ලංකාවෙ ගොවීන්ට සිදුවන්නේ ලොකු පාඩුවක් තමයි එනිසා අප ප්‍රදේශයේ සිදුකරන මෙම ව්‍යාපාරය ඉතාමත් සාර්ථක එකක් වේවි
අර්තාපල් පෙති ආනයනය නිසි අධීක්ෂණයකින් යුතුව නොකලහොත් මෙම ව්‍යාපාර අසාර්ථක වනු ඇත.