IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කරන්නාගොඩට ඇමෙරිකාවේ දොර වැසෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදා ප්‍රධානී වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇත.

වසන්ත කරන්නාගොඩ මහතාට සහ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මියට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලුවීම සම්බාධක මගින් වළකා තිබේ.මානව හිමිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා ඇත.

රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් මානව හිමිකම් කඩකිරීම පිළිබඳ බරපතල චෝදනා වසන්ත කරන්නාගොඩ මහතාට එල්ල වී ඇති බවත් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලුවීමට ඒ හේතුවෙන් අවස්ථාව නොලැබෙනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ට ඇති දණ්ඩමුක්තිය අවසන් කරමින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට සිය කැපවීම යලි තහවුරු කරන බව බ්ලින්කන් මහතා පවසා ඇත. එසේම මානව හිමිකම් කඩවීමට ලක් වූවන්ගේ වේදනාවන් අවබෝධ කර ගනිමින් මානව හිමිකම් කඩකළ පුද්ගලයන්ට එහි වගකීම ලබා දීම සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කැපවී සිටින බව බ්ලින්කන් මහතා නැවත වරක් අවධාරණය කර තිබේ.

 



අදහස් (17)

කරන්නාගොඩට ඇමෙරිකාවේ දොර වැසෙයි

aravinda Monarawila Thursday, 27 April 2023 01:26 PM

අමරිකාව එක්ක අපිට එකග වෙන්න බැරි උනාට මෙයාට තියෙන චොදනා බරපතල බව අපි දන්නවා, එ නිසා සුදුසු දඩුවමක් අනාගතයෙදි ලැබෙනු ඇත.

:       182       53

ලුම්බිණි Thursday, 27 April 2023 01:35 PM

කල කල දේ පල පල දේ.

:       97       51

පිටිගල මිලානෝ Thursday, 27 April 2023 01:47 PM

කප්පමුත් අරන් ළමයිනුත් මැරුව නඩුවට මොකද වුනේ…?

:       84       60

beau Thursday, 27 April 2023 02:01 PM

ගොබ්බ ඇමරිකාවට යන්න ඕනේ නැහැයි මහත්තයෝ .චීනයට යන්න

:       12       79

sweneThursday, 27 April 2023 04:14 PM

ඇමෙරිකාවට නොගියට මෙහෙ රජ සැප. විශ්‍රාම පඩියට අමතරව හිටපු හමුදා ප්‍රධානියෙක් ලෙස ලැබෙන පහසුකම් සහ ආණ්ඩුකාර තනතුරට වෙනුවෙන් දීමනා සහ වරප්‍රසාද නිල වශයෙන්ම ලැබෙනවා.

:       58       21

Aruna Thursday, 27 April 2023 02:04 PM

අපිට පාන්ද? කවුද බලෙන් යන්නේ?

:       15       62

දාස Thursday, 27 April 2023 02:07 PM

මේගොල්ලො හැම දෙයක්ම කලේ රන් ගොජාගෙ ආරක්ෂාව යටතේ . මේ අය හිතුවෙ තමන්ට හැමදාම බලය තියෙනව කියල

:       80       24

කිරිපුතා Thursday, 27 April 2023 02:57 PM

ඇමෙරිකාවට යන්න අවශ්‍ය නෑනෙ. ඒ සම්බාධක එයාලා දාන්නෙ කොටින්ව හුරතල් කරන්න.

:       27       79

නිහාල් Thursday, 27 April 2023 03:16 PM

මේ රටේ දේශපාලනය හෙංචයියන් හැටියට පාලකයන්ගේ දෙපා ලොවා ඕන දෙයක් කලහැකි උනාට වෙන රටවල මේ අය පයට පෑගෙන දූවිලි තරමට වත් ගනන් ගන්නෙ නෑ

:       61       27

jayanthaThursday, 27 April 2023 04:51 PM

මෙයාට මෙහෙම වෙලා මදි ,මෙයාගේ කාලයේදී ලෝකයේ කිසිම රටක නේවි එකකින් නොකළයුතු දේවල් කළා.නේවි නීති රීති උල්ලංඝනය කළා

:       2       3

Ruwan Thursday, 27 April 2023 04:17 PM

ඇමරිකාවෙ හැම තැනම වෙඩි තිය තිය මිනිස්සු මරනව. ළොකෙ ජිවත් වෙන්න බයානකම රටෙ රාජ්‍යය ලෙකම් බයිල ගහනව.

:       2       0

Balasuriya Thursday, 27 April 2023 04:39 PM

ඇමෙරිකාව ගැන කියන්න තියෙන්නේ "රටට පරකාසේ - ගෙදරට මරගාතේ" කියලා තමයි. බොහොම ප්‍රදේශ වල මිනිස්සු පාරේ යන්නෙත් ආයුධ අරගෙන. පාසැල් වල අහිංසක දරුවන් එක පාරට දහය පහලොව මරන්නේ. කැලිපෝනියා වාගේ ප්‍රදේශ වල බොහෝ මිනිස්සු ගෑනු නිදියන්නෙත් අනිත් හැමදේම කරන්නෙත් පාරේ. ගිහින් බැලුවාම තමයි ඇත්ත තෙරෙන්නේ.

:       17       82

ලුම්බිණි Friday, 28 April 2023 04:41 AM

අපිත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ නේද?

:       1       2

Awalassana amarikanuwo. Thursday, 27 April 2023 05:45 PM

ඇමරිකන් කාරයෝ ලෝකේ පුරාම සිවිල් යුද්ධ ඇතිකරන කාලකන්නි ටිකක්

:       3       2

PRASANNA Thursday, 27 April 2023 07:51 PM

මගුලක් කතාකරනවා .අපිට ඇමරිකාවේ නෙමෙයි කොළඹ යාගන්නවත් සල්ලි නැතුව ඉන්නේ .සැප ගන්නම තමා මුන් ඉපදිලා තියෙන්නේ .පොලවේ පය ගහලා ජීවත් වෙයල්ලා

:       1       4

ANURA NANAYAKKARA Friday, 28 April 2023 07:39 AM

ලංකාවේ උපන් රණවිරුවෙක් වන වසන්ත කරන්නාගොඩ මහතාට ,ඇමරිකාවට යන්න තියන උවමනාව මොකක්ද/මේක එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව සුරතල් කිරීමක්

:       3       2

පද goonawardene Friday, 28 April 2023 08:03 AM

ඒක දිවය ලෝකයක් නෙමේනේ

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 403 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 316 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 2838 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2612 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 1193 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 3309 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 124 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1312 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site