(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අකුරණ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි රුසියන් ජාතික කාන්තාවකට අයත් ගමන් බෑගයක් තුළ තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ජංගම දුරකථනයක් සහ රුපියල් 112,000 මුදලක් කිසියම් පුද්ගලයකු  සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

රුසියන් ජාතික සංචාරක කාන්තාව ලැගුම්ගෙන සිටි හෝටලයේ කළමනාකරු  මේ බව පෙරේදා 25 පොලිසියට පැමිණිලි කර ඇත.

මේවා සොරාගෙන ගිය සැකකරු ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය  පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇත.