වසන්තට එරෙහි නීතිපතිගේ අභියාචනයට දින දෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය ලබන 03 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය. 27 March 2023
පොලිස් කොමිසමේ සාමාජිකයින් හරි ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් තෝරාගෙන ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. 27 March 2023
ඡන්ද තුනම එකට තියන්න ජනාධිපතිවරණය ,මහා මැතිවරණය සහ පුංචි ඡන්දය යන තුනම එකට තැබිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 27 March 2023
ව්‍යාජ නෝට්ටුවක් සමග හිටපු කොස්තාපල් දැලේ මාවනැල්ල ප්‍රදේශයේ මත්පැන් හලකට රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් ලබා දී මත්පැන් බෝතලයක් ලබා ගැනීමත් තැත්කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි. 27 March 2023
‘ලංකා සතොස සේවකයින්ට කෝටි 7 ක බොනස් ‘ ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ සේවකයන් සඳහා 2019 වර්ෂයේදී චක්‍රලේඛවලට පටහැනිව රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂයකට වැඩි ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 27 March 2023
සරසවි ඇඳුරෝ විරෝධයේ උපයනවිට බද්දට ඉවත්කරන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (27) උද්ඝෝෂණයක් පැවැත්වීය. 27 March 2023
ඛනිජ තෙල් වෘත්තිය සමිති සත්‍යග්‍රහයක ඛනිජ තෙල් නීතිගත සංස්ථථාව ආණ්ඩුවේ හිතවතුන්ට විකිණීමට සූදානම් වන්නේ යැයි විරෝධය දක්වමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති කොළොන්නාව තෙල් පර්යන්ථයේ දොරටුව අභියස සත්‍යග්‍රහයක් අද (27) පෙරවරුවේ ආරම්භ කළේය. 27 March 2023
ස්වාධීන කොමිෂන් සභා ඉදිරි සති දෙකේදී පුරවනවා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සියල්ල ඉදිරි සති දෙක තුළ පත්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 27 March 2023
අහංගම මූදේ- බලන් ’’සර්ෆින්’’ සාදේ ශ්‍රී ලංකාව නැවතත් සංචාරක සීඝ්රයෙන් හිස ඔසවමින් සිටින අතර අහංගම කැබලාන මුහුදු තීරයේදී දින දෙකක් පුරා ’’සර්ෆින්’’ තරගාවලිය රටවල් 25 ක සහභාගීත්වයෙන් පැවැත්වුණ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 27 March 2023
දේශබන්දුට එරෙහි පෙත්සම විසිවෙයි ගෝඨා ගෝ ගම අරගල සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත් අඩංගුවට ගන්නා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 27 March 2023
ගාලු කුමාරියේ ගැටී අනු නවයෙන් දිවි බේරෙති මරදාන බලා ගමන් කළ ගාලුකුමාරී සීඝ්‍රගාමී දුම්රියේ අද (27) වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ගැටී කාන්තාවන් දෙදෙනකු සුළු තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය පවසයි . 27 March 2023
කෘෂි පර්යේෂණ නිලධාරිනියට පිහියෙන් ඇනලා තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී අද (27) උදෑසන තියුණු ආයුධයකින් පහරදී සේවය සදහා යමින් සිටි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහාකාරවරියක මරා දමා ඇතැයි තංගල්ල පොලිසිය පවසයි. 27 March 2023
නිධන් හෑරූ හතරක් මාට්ටු තවලම්පිටිය ප්‍රදේශයේ නිධන් ලකුණු සහිත ගල් කුලක් පුපුරුවා නිධන් ලබා ගැනීමට උත්සාහ උත්සාහ කරමින් සිටි තරුණයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි. 27 March 2023
තැනින් තැන අදත් වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 March 2023
මැරෙන්න පෙර හයකට ජීවිතය දුන් පින්බර දියණිය මොලේ මියගිය ගොස් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක ගෙන් ඇයගේ පවුලේ අයගේ අවසරය ඇතිව ලබාගත් හදවත සහ පෙනහළු දෙක දැඩි ලෙස රෝගාතුරව සිටි තවත් කාන්තාවකට කොළඹ ජාතික රෝහලේ දී බද්ධ කර ඇය සුවය ලබමින් සිටින බව මෙම ශල්‍යකර්මයට හවුල් වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාදීපයට පැවසීය. 27 March 2023
දරුවන්ට කන්න දුන් සල්ලිවලින් විදුහල්පති උපන්දින පාටියක් දාලා මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික දරුවනට උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදල් යොදාගෙන විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දින සාදය වෙනුවෙන් කෑම පිළියෙළ කරගෙන ඇතැයි පාසල් සංවර්ධන සමිතිය චෝදනා කරයි. 26 March 2023
අහිංසක දරුවාට පාසලේ යාළුවන් දුන් දඬුවම ගම්පහ, පල්ලෙවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු අල්ලා ගස් බැඳ පහර දී කලිසම ගලවා සිරුර තුළට යමක් ඇතුළු කර ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන දොළොස් හැවිරිදි සිසුවකු සැක පිට අත්අඩංගුවට ගත් බව පල්ලේවෙල පොලිසිය පවසයි. 26 March 2023
ව්‍යාජ කීරි සම්බා අලෙවි කළ සතොසට නඩු ’’කීරි සම්බා’’ සහල් යැයි කියා ගම්පහ සතොස ශාඛාවෙන් පාරිභෝගිකයකු මිලදී ගත් සහල් කීරි සම්බා නොවන බවට පරීක්ෂණ වාර්තාවක් මගින් සනාථවීම නිසා එම සතොස ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇත. 26 March 2023
වීරවිල - රිදියගම පෞද්ගලික අංශයට දෙනවා වීරවිල හා රිදියගම රජයේ ගොවිපොළ දෙක පෞද්ගලික අංශයට විකිණිමට අවශය සැලසුම් සකස් කර ඇති බැවින් ඒ සඳහා සුදුසු ආයෝජකයන් දැනට ඉදිරිපත් වි සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කීය. 26 March 2023
‘‘ආණ්ඩුවේ ඒකාධිපති ගමනට එරෙහිව සියලු දෙනා එක් විය යුතුයි‘‘ ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී, ඒකාධිපති ගමනට එරෙහිව විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන එක පෙරමුණකට එක් විය යුතුව ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී ඊයේ(26) පැවසීය. 26 March 2023
ස්වයං විදේශ රැකියාවට ලියාපදිංචිය මාර්ගගත ක්‍රමවේදය විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය සහ පෙර ලියාපදිංචිය දීර්ඝ කරගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සළසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 26 March 2023
නිධන් කැඩූ අටක් මාට්ටු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට සැලකෙන බුදු පිළිම තුනක් රැගෙන මෝටර් රථයකින් ගමන් ගත් හිමිනමක්, රූපලාවණ්‍ය ශිල්පියකු,ව්‍යාපාරිකයකු සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළු 8 දෙනකු බෙලිහුල්ඔය පාලම අසලදී අත්අඩංගුවට ගත් බව කීර්තිබණ්ඩාරපුර පොලිසිය කියයි. 26 March 2023
පෙර පාසල් පාලිකාවෝ දරුවන්ගේ පංචායුධවලට විදිති දේවාලේගම ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරුවන් අට දෙනකුගේ ගෙලබැදි රන් පංචායුධ 8 ක් හා රන් කරාබු ජෝඩුවක් ගලවාගෙන ඇතැයි කියන අදාල පෙර පාසලේ පාලිකාවන් දෙදෙනකු අප්‍රේල් 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය. 26 March 2023
පේරාදෙණි සරසවියේ දූෂණ වංචා රැසක් කෝප් කමිටුවේ දී එළියට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2020 සහ 21 වර්ෂවල සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා හා මූල්‍ය හා මූල්‍ය අවභාවිතාවන් ගණනාවක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) විමර්ශනයක් අරඹා ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. 26 March 2023
‘‘අපට වැරදුණේ ගෝඨාට තැන දීමයි‘‘ අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම යැයි ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය. 26 March 2023
කටාර්හි ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම්හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රි ලාංකිකයකු මරණයට පත්වී තවත් ශ්‍රි ලාංකිකයකු අතුරුදන් වී තිබේ. 26 March 2023
බමන මතින් රාජකාරි කළ පී.සී ගෙදර කුරුණෑගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ බීමතින් රාජකාරියේ යෙදී සිට කුරුණෑගල මූලස්ථාන පොලිසියට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනමකට ලක්කර ඇති බව පොලිසිය පවසයි. 26 March 2023
ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක් දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 March 2023
බිත්තර එළියට දාන්න අපේ ප්‍රමාදයක් නෑ (ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර සාම්පල ලබාගෙන මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටින බවත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කිසිඳු ප්‍රමාදයක් නොවූ බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ඊයේ (26) පස්වරුවේ පැවසුවාය. 26 March 2023
අත දාල ගිය අය යළි සාකච්ඡා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ සහ ස්වාධීන වූ මැති ඇමැතිවරුන් නැවත පක්ෂයට එක්වීම සඳහා එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. 26 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026