රාලහාමිට පහරදුන්නාට එස්.ටී.එෆ් පහක් අත්අඩංගුවට නවගත්තේගම පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දී ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් කනත්තක් අසල දමා ගිය බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් නවගත්තේගම පොලිසිය විසින් සැකපිට අද (28) අත්අඩංගුවට ගනු ලැබූහ. 28 March 2023
නැති බැරි දරුවන්ගේ දුරකතන සෙල්ලමෙන් සුද්දා අන්දමන්ද වේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ අගහිඟකමින් පෙළෙන පාසලක දරුවන්ට පාසල් උපකරණ නොමිලේ බෙදා දීමට පැමිණි එංගලන්ත ජාතිකයකු පාසලේ දරුවන්, මවුපියන් සහ ගුරුවරුන් පාවිච්චි කරන ජංගම දුරකතන දැක තමා මවිතයට පත් වූ බව පැවැසීය. 28 March 2023
දරුවා පාසලට රැගෙන ආ මවට සැමියාගෙන් පිහි පහර සිය දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට පාසලට පැමිණි මවකට පාසල් ක්‍රීඩාපිටියේදී ඇගේ සැමිය තියුණු ආයුදයකින් පහරදීම නිසා තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කළ බව දේවාලේගම පොලිසිය කියයි. 28 March 2023
බිත්තර පරීක්ෂණ වාර්තාව හෙට එළියට ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර පිළිබඳ වාර්තාව හෙට (29) නිකුත් කරන්නේ යැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 March 2023
රාජකාරියට බාධා කළොත් වැඩ වරදි ඉන්ධන බෙදාහැරීමට බාධා කරන සහ සෙසු සේවකයන්ගේ වැඩවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ සේවකයන්ට එරෙහිව අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගන්නා ලෙස උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 28 March 2023
මහරගම ලංගමේ ඩීසල් ලීටර් 64 දාහක් බහිරවයා ගිලලා මහරගම ඩිපොවේ පසුගිය වසර තුළ ඉන්ධන ලීටර් 64,000 අස්ථානගත වී ඇතැයි එහි විමර්ශනයක් මගින් අනාවරණය වී ඇත. 28 March 2023
හැම දිස්ත්‍රික්කයකම එක නගරයක් ලස්සන කරයි නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආදායම් කළමණාකරණය කර ගනිමින් පෞද්ගලික අංශය සමඟ එක්ව එක් දිස්ත්‍රික්කයකට එක් නගරයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 28 March 2023
පුංචි ඡන්දය ගැන තීරණයක් ගන්න මැකෝ 4 රැස්වේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීහු ලබන මස 4 වැනිදා රැස්වෙති. 28 March 2023
වික්‍රමසිංහ මහතාගේ ගෙට ගිනි තැබූ නාගරික මන්ත්‍රී රිමාන්ඩ් අරගලය පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ කෝට්ටේ නගර සභා හිටපු විපක්ෂ නායක වීරසූරිය ආරච්චිගේ චන්දිම නයනජිත් මහතා ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (28) නියෝග කළේය. 28 March 2023
ටයර් මිල පල්ලම් බහී ඉදිරි මාස තුන ඇතුළත නව තොග ලැබීමෙන් පසු ආනයනික ටයර් මිල සියයට 15කින් අඩු කිරීමට බලාපොරොන්තු වන බව ටයර් ආනයනකරුවෙන්ගේ සංගමය කියයි. 28 March 2023
හිටපු කතානායක ජෝශප් මයිකල් දිවියට සමු දෙයි හිටපු කතානායකවරයකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මිය යනවිට 81 වන වියෙහි පසු වු ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල දේශපාලනාඥයකි. 28 March 2023
වැඩ බලන ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර වැඩබලන ජනනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබෙි. 28 March 2023
පිටු දෙකක චෝදනාවට පිටු 25 කින් උත්තර යැව්වා පිටු දෙකකින් යොමු කර තිබූ චෝදනා පත්‍රයට පිටු 25 කින් පිළිතුරු යොමු කළ බවත් ස්වාධීන කොමිසමක් ලෙස මහජන උපයෝගිතා කොමිසම කටයුතු කිරීම මෙම චෝදනා පත්‍රයට හේතුය යැයි පෙණෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පැවසීය. 28 March 2023
සනත්ට එරෙහි පෙත්සමට දින දෙයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙක් ගොනුකර ඇති පෙත්සම් තුන ජූනි 7වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය. 28 March 2023
සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයකට අනුමැතිය ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සුර්ය විදුලි බලාගාරයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 28 March 2023
විගණන කොමිසම නම් කෙරේ ජාතික විගණන කොමිෂන් සභාවට පත්කිරීමට සිවු දෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කළේය. 28 March 2023
මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ. 28 March 2023
නව ඔම්බුස්මන් හිරිඹුරේගම විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්වරයා) ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමතිය දුන්නේය. 28 March 2023
තෙල් සේවකයෝ එළියට බසිති ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය විදේශ සමාගම් දෙකකට ලබාදීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති රැසක් මේ වන විට රාජකාරිවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ. 28 March 2023
සංචාරකයින්ට කරදර කළ 4ක් කටුනායකදී අල්ලයි කටුනායක ගුවන්තොටුපොළේ මගින් පැමිණීමේ පර්යන්තය අසල ගැවසෙමින් විදේශීය විදේශිය සංචාරකයින්ට අපහසු තාවයක් හා කරදරයක් වන ආකාරයට නීති විරෝධී ලෙස ප්‍රවාහන සේවා සැපයීමේ තැරව්කරුවන් ලෙස කටයුතු කරමින් සිටියේ යැයි කියන පුද්ගලයින් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි 28 March 2023
සංචාරකයන්ට ගුවන්තොටේදී කරදර වැඩි වෙලා කටුනායක ගුවන්තොටුපලෙන් ගෙඩබසින් සංචාරකයින්ගෙන් විවිධ පැමිණිලි හා මැසිවිලි දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ඔවුන්ට හිරිහැර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්යන නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළමදී අද (28) පැවසීය. 28 March 2023
බොරතෙල් මිල චුට්ටක් ඉහළට ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (28) බොරතෙල් බැරලයක මිල පෙර සැසියට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගියේය. 28 March 2023
ඩොලරය ශතවලින් තරවේ ශ්‍රී ලංකා මහ බැංකුව අද(28) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශත 29 කින් ඉහළ ගියේය. 28 March 2023
සංචාරකයන් රැවැට්ටුවොත් දඩය වැඩියි කටුනායක ගුවන්තොටුපලේදී සංචාරකයන් සම්බන්ධයෙන් අක්රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව දැනට පනවන රුපියල් 25,000 ක රුපියල් දඩය ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පියවර ගෙන තිබේ. 28 March 2023
ඡන්දයක් පැවැත්වීමට නොහැකි තරම් රට බංකොලොත් නෑ ඡන්දයක් පැවැත්වීමට නොහැකි තරම් රට බංකොලොත් නොමැති වුවද ආණ්ඩුව දේශපාලන වශයෙන් බංකොළොත් බවත් වැරදි පාලනය රට මෙම තත්වයට ඇඳදමා ඇති අතර කැබිනට් මණ්ඩලය මමයි රජා න්‍යායෙන් මිදී සංවාදයක් කරමින් ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා අද (28) පැවසීය. 28 March 2023
එලවළු, පොල්, තේ , කුරුඳු පොහොර මිල පහළට එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අද(28) දැනුම් දුන්නේය. 28 March 2023
රනිල්ගේ නිවසට ගිනිතැබී යැයි ස.ජ.බ හිටපු මන්ත්‍රී සී.අයි.ඩී.යට අරගල සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා අනර්ථය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ සමගි ජනබලවේගය පක්ෂයෙන් හිටපු මන්ත්‍රිවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 28 March 2023
තියුණු ආයුධයකින් ගෙල කපලා හම්බන්තොට පොලිස් බල ප්‍රදේශයේ බූන්දල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි. 28 March 2023
දෙමසක් ඇතුලත ලංකාව හරිත ආර්ථිකයට හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක ඇතුලත හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 March 2023
මත්වලට එරෙහි වූ පී.එච්.අයිගේ පුතාට පහරදීලා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශන පාසල්වල නොපවත්වන ලෙස පියාට දැණුම්දෙන්නැයි තර්ජනය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ පුත්‍රයකුට පහරදී ඇතැයි සිලාවතුර පොලිසිය කියයි. 28 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026