(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
අ.පො.ස උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුවට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් තමන් දෝෂ දර්ශනයට ලක් කර ඇති සටහන් වෙනස් කරන ලෙස හෝ යළි විමර්ශනයට ලක් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළේය.
මෙම අතුරු පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරමින් තම සේවාදායකයා දෝෂ දර්ශනයට ලක් කරමින් අධිකරණය සටහනක් තබා ඇති බවත් තම සේවා දායකයා වග උත්තරකරුවකු නොවන පෙත්සමක් සම්බන්ධයෙන් තම සේවාදායකයා දෝෂ දර්ශනයට ලක් කිරීම ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනි බවත් එමගින් තම සේවාදායකයාට විශාල අගතියක් සිදුව ඇති බවත්ය.
මේ අනුව මෙම දෝෂ දර්ශන සටහන වෙනස් කිරීම හෝ යළි විමර්ශනය කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ඒ පිළිබඳ විශාල පූර්ව දර්ශන ප්‍රමාණයක් තිබෙන බවත් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ ජනක රත්නායක මහතා සිය තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ හෙට (24) පාර්ලිමේන්තුව විවාදයක් පැවැත්වෙන බවත් එය කල් දමා ගැනීමේ යටි අරමුණකින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නීතියේ ප්‍රතිපාදන නොමැති බවත්ය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ පෙර කලාසියක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහු අදාළ නඩුවේ කොටස්කරුවකු බවත් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීම නීතියට පටහැනි බවත්ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අතරමැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනකගේ පෙත්සම විසි කරයි