(සුමිත් පොතුපිටිය)
පානදුර, කෙසෙල්වත්ත ප්‍රෙද්ශයේ ආයුර්වේද සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
අත්අඩංගුවට පත්වූවන් අතර ආයතනයේ හිමිකරු , වෛද්‍යවරයා බව කියන පුද්ගලයකු සහ ගණිකා වෘත්තීයේ නියැලීමට සූදානමින් සිටි කතුන් දෙදෙනෙකු වන බව පොලිසිය කීය.
කතුන් දෙදෙනා අගලවත්ත සහ බණ්ඩාරගම ප්‍රෙද්ශයේ පදිංචි අයවලුන් බවත් , ඔවුන්ගේ අත් බෑගයන් පරීක්ෂා කිරීමේදී උපත් පාලන කොපු විස්සකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවත් පොලිසිය කීය.
සති දෙකකට පමණ පෙර මධ්යතස්ථානය ආරම්භ කර ඇති අතර , ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාට ලද ක්ෂණික තොරතුරක් මත වැටලීම කර ඇති බව පොලිසිය කීය.
උපාය දූතයෙකු යොදා පැයකට රුපියල් දෙදහසක මුදලකට කාන්තාවක මිළදී ගෙන ඇති අතර , තොරතුර ලබාදිමත් සමග අවට රැකසිටී නිළධාරීන් වැටලීම කර ඇති බවත් පොලිසිය කීය.
සැකකරුවන් පානදුර මහේස්ත්රාකත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පත්මිණී , සැරයන් නන්දසිරි (50690), කොස්තාපල් වරුන්වන සුමිත් (32119), රමනි (9029), දිලිනි (7106) ඇතුළු නිළධාරීහු වැටලීම එක්වුහ.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්බාහන මුවාවෙන් කාන්තාවන් විකුණලා
Delan Tuesday, 23 May 2023 06:29 PM
කෙසෙල් වත්තේ අල්ලන්නයි, කොළඹ 4 අල්ලන්නේ නැති වෙන්නයි හේතුව මොකක්ද?