(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටියදී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කිරීමේ චෝදනාව යටතේ විශ්‍රාමික කථිකාචාර්ය වරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇප මත අද (23) දා මුදා හැරි බව මත්තේගොඩ පොලිසිය පවසයි.
මෙසේ ඇප මත නිදහස් වූයේ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික කථිකාචාර්ය වරයෙකු හා හෝමාගම මූලික රෝලේ සේවයේ නිරත නාවල ප්‍රදේශයේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකු බව පොලීසිය කියයි .
කථිකාචාර්යවරයාගේ නිවසේ ඊයේ (22) දා රාත්‍රි මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඊට සහභාගි වූ විශේෂඥ වෛද්‍යවරයා ඇරලවීම සඳහා ඔහුගේ මෝටර් රථයෙන් නාවල ප්‍රදේශයට යාම සදහා පාන්දර 4.00 ට පමණ පිටත් වී තිබේ.
එම අවස්ථාවේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් වගයක් මත්තෙගොඩ ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී මත්තේගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් නවතා පරීක්ෂාකර තිබේ .
එම අවස්ථාවේදී මෝටර් රථය පදවමින් සිටි විශේෂඥ වෛද්‍යවරයා බීමතින් සිට ඇති ඒ පිළිබඳ වූ වරද පහදා දී අත්අඩංගුවට ගැනීමට යාමේදී මෝටර් රථයේ අනෙක් පස රැඳී සිටි කථිකාචාර්යවරයා මෝටර් රථයෙන් බැස තමන් උසස් පොලිස් නිලධාරින් හඳුනන බව පවසමින් නිලධාරීන්ගේ පරීක්ෂාකිරීම් වලට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කරමින් කලහකාරීව හැසිරී ඇති බව පොලිසිය කියයි.
එහිදී අවස්ථා කිහිපයකදී කථිකාචාර්ය වරයා උසස් පොලිස් නිලධාරීන් හඳුනන බව පවසමින් ඔවුන්ට දුරකථන ඇමතුම් පවා ලබා දී ඇති අතර ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා උසස් නිලධාරීන්ට ද පරුෂ වචනයෙන් බණිමින් කලහකාරීව හැසිරී ඇති අතර එම අවස්ථාවේදී විශේෂඥ වෛද්‍යවරයා පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර නොමැති බවද පොලිසිය කියයි .
පසුව සිද්ධිය සම්බන්ධයෙන් රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දී තවත් නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගෙන්වාගෙන මෝටර් රථය සහ එහි ගමන් ගත් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .
පසුව සිදු කළ පරීක්ෂාවේදී විශේෂඥ වෛද්‍යවරයා සහ හිටපු කථිකාචාර්ය වරයා මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා බීමත්ව රිය පැදවීම හා හිටපු කථිකාචාර්යවරයා පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කොට අයුතු බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
ලබන 29 වැනිදා සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට පාට් දැමූ හිටපු සරසවි ඇදුරාට- විශේෂඥ දොස්තරට ඇප
යෝගා Tuesday, 23 May 2023 06:34 PM
වැඩි හරියක් ඉන්නේ ඔයවගේ කිසිම විනයක්, ශීලාචාරකමක් නැති ඔලුව ඉදිමිච්චි පොතේ ගුරාලා තමයි. මොවුන්ම පිටරටවලට ගියාම ඉන්නේ බලු කුක්කන් වගේ..
කිරිපුතා Tuesday, 23 May 2023 07:33 PM
වැඩේ හොඳයි. මොන උගතා වුණත් නීතිය එකයිනේ. හැබැයි දේශපාලන හයිය අරන් ඉන්න අයටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ වැරදි හමුවේ...!!