රට බාර ගන්න නවීන දැනුමෙන් සන්නද්ධ වන්න රටේ සිසු පරපුර 2048 වන විට රට බාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත්, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 March 2023
දුම්රිය මගීන්ට තෙල් සහනය නෑ ඩීසල් මිල අඩු වුවද දුම්රිය ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පිළිබඳව සාකච්ඡා කර නොමැති බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා අද (29) පස්වරුවේ පැවසීය. 29 March 2023
නාවික හමුදාවට පාට් දැමූ ධීවරයෝ තුනක් මාට්ටු ත්‍රිකුණාමලය බැක්බේ මුහුදු තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවර පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා යාත්‍රාවක ධීවර යාත්‍රාවක් හප්පා අලාභහානි සිදු කළැයි කියන ධීවරයන් තිදෙනෙක් ත්‍රිකුණාමලය වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 29 March 2023
කැබ්රියට යටකර මරන්න හදලා පලෙයි ඒ 9 මාර්ගයේ දී හිතාමති පුද්ගලයකු කැබ් රථයකින් යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පලෙයි ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි. 29 March 2023
පොලිසියට කඩු පහරදුන් IRC කාරයා පොලිස් වෙඩි පහරින් මරුට වෙන්නප්පුව කොලොන් ජාඩිය ප්‍රදේශයේ පොල්වත්තක දී පොලිස් කොස්තාපල්වරයකුට අද සවස කඩුවකින් පහර දී බරපතළ තුවාල සිදුකර තවත් පොලිස් කොස්තාපල්වරයකුට ද ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකුට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි. 29 March 2023
හරක් කටාගෙන් පෙත්සමක් තමාට ජීවිත ආරක්ෂාව සපයන ලෙසට රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දැනට රැඳවුම් නියෝග යටතේ රඳවා ඇති පාතාල නායකයෙක් යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 29 March 2023
ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ ඉන්ධන මිල අඩු වූවාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල දැන්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි. 29 March 2023
දුම්රියෙන් තෙල් ප්‍රවාහනයත් සාමාන්‍ය පරිදි පෙරදින අඩපණ වූ ඉන්ධන ප්‍රවාහන කටයුතු අද සවස්වන විට සාමාන්‍ය පරිදි සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 29 March 2023
ඉන්දීය බිත්තර හෙට සිට අළෙවියට ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගයට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව ලක්ෂ 20 ක බිත්තර තොගය අද (29) නිදහස් කරගැනීමට නියමිතව තිබූ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් පැවසීය. 29 March 2023
හරක් කටා- සලිදු නිකන් එළියට ගෙනියන්න එපා රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ”හරක් කටා” සහ සලිදු මල්ශික ගුණරත්න නොහොත් ”පානදුරේ කුඩු සලිදු” යන අය විමර්ශන සඳහා ඔවුන් රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම්, මහජන පැමිණීලි අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ ආරක්ෂාව සහිතව දෑතට සහ පයට විලංගු දමා රැගෙන යන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත 29 March 2023
වකුගඩු රෝගීන්ට සහන සේවාවක් අඩු ආදායම්ලාභී පවුල්වල නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට නොමිලයේ රුධිරකාන්දුකරණ ප්‍රතිකාර ලබාදීමට තම රෝහල වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා පවසයි. 29 March 2023
බස් ගාස්තුව සියයට 12.09කින් අඩු වෙයි බස් ගාස්තුව සියයට 12.09 කින් අඩු කළ බවත් එම බස් ගාස්තු සංශෝධනය හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්නන මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 29 March 2023
ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා ඇරැඹේ ලබන වසරේදී (2024) අත්සන් තැබීමට යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම(SLTFTA) පිළිබඳ සිව්වැනි සාකච්ඡා වටය කොළඹදී ආරම්භ කෙරිණි. 29 March 2023
ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු වෙයි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කිරීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තුව අනිවාර්යෙන්ම අඩු කරන බවත් පළමු කිලෝමීටරය රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 80 ක් අයකරන ලෙස ත්‍රීරෝද රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 29 March 2023
ඉන්ධන බවුසර් 212 ක් කොළොන්නාවෙන් පිටත් වෙයි කොළොන්නාව සහ ඔරුගොඩවත්ත ප්‍රධාන තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඇතුළුව රටපුරා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් අද (29) පෙරවරුවේ පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 212 ක් පිරවුම්හල් වෙත යොමුකළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 March 2023
පැය 24 කදී රුසියානු - යුක්රේන අර්බුදය අවසන් කරන්න පුළුවන්‘ තමන්ට පැය 24 ක් තුළ රුසියානු - යුක්රේන අර්බුදය අවසන් කළ හැකි බව ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. 29 March 2023
ලොව පුරා කෝටි 30කගේ රැකියා අනතුරේ දිනෙන් දින වර්ධනය වන කෘතීම බුද්ධිය අනාගතයේදී මිනිසුන්ට රැකි රක්ෂා මිලියන 300 ක් අහිමි කරනු ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දී ඇත. 29 March 2023
ජෝසප් මයිකල්ගේ දේහය හෙට මැතිසබයට ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකුවූ ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අවසාන ගෞරවය දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට හෙට (30) පෙරවරු 9.00ට රැගෙන ඒමට නියමිතය. 29 March 2023
බස් ගාස්තුව සියයට 30 කින් අඩු කරන්න ඩීසල් මිල රුපියල් 80 කින් අඩු කිරීමට සාපේක්ෂව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා මෙන්ම සමස්ත බස් ගාස්තුව සියයට 30 කින් වහාම අඩු කළයුතු යැයි සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 29 March 2023
වෘත්තිය සමිති නායකයන් 20ක් අනිවාර්ය නිවාඩු යවයි ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයන් සහ සේවකයන්ට බාධා කළ පුද්ගලයන් 20 කට අධික සංඛ්‍යාවක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවත් එම පුද්ගලයන්ට ඛනිජ තෙල් සංස්ථාවේ කිසිඳු පරිශ්රයකට ඇතුල්විය නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පෙරවරුවේ පැවසීය. 29 March 2023
කොටුව දුම්රියපොළේ උද්ඝෝෂණයක් පාතාල නායකයකු වන හරක්කටා නැමැත්තාට නීතීඥ සේවා ලබාදෙන බවට සහ අපරාධකරුවන්ට උඩගෙඩි දෙන බවට චෝදනා කරමින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාගේ ක්‍රියාකලාපය හෙළාදකිමින් පිරිසක් අද (29) උද්ඝෝෂණය කළහ. 29 March 2023
අවම බස් ගාස්තුව රුපියල් 30ක් වෙයි ඩීසල් මිල අඩු කිරීමත් සමඟ බස්ගාස්තු පහත දමන බවත් අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා අඩුවනු ඇති බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 29 March 2023
අයි.එම්.එෆ් ගැන වෘත්තීය ආයතනයක පළමු සාකච්ඡාව හෙට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පළමු ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබීම නිමිත්තෙන් ’’ආර්ථික සංවාදය-IMF සහ ඉන් ඔබ්බට’’ මැයෙන් සාකච්ඡා මණ්ඩපයක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය තීරණය කර තිබේ. 29 March 2023
දෙවැනි දිනටත් තැන තැන තෙල් පෝලිම් ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධ වෘත්තීය සමිති ආරම්භ කර තිබෙන වැඩ වැඩවර්ජනය අද (29) දෙවැනි දිනටත් ක්‍රියාත්මකය. 29 March 2023
අද කාලගුණ තත්වය බස්නාහිර, සබරගමුව, ඌව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (29) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 March 2023
වන නිලධාරියා අලි පහරින් මරුට ගලෙන්බිඳුණු වැව පඩිකාර මඩුව මහා මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි අඹකොළ හන්දිය ප්‍රදේශයට කඩාවැදුණු වන අලි සිය දෙනකු පලවා හැරීමට පැමිණි රිටිගල වනජීවී කාර්යාලයේවනජීවි ආරක්ෂක ප්‍රධානියාට වන අලියකු පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 29 March 2023
වයඹ පොලිස් ලොක්කන්ට මාරුවක් වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා පොලිස් කේෂත්ර බළකා මුලස්ථානයට මාරු විම ලබා දී ඇති බව කියයි. 29 March 2023
රාජකාරියට බාධා කළ තෙල් සේවකයන් නිවාඩු යවයි ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරිමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයන්ට බලපෑම් කරමින් එම සේවා අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයන් සහ එයට සහය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු ගැන්වීම තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 29 March 2023
රටපුරා යළි තෙල් පෝලිම් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (28) පස්වරුව වන විට රට පුරා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකිවිය. 28 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026