
(ටී.කේ.ජී.කපිල,යොහාන් භසුර සහ ඉන්දිකා රමානායක)
නීතිවිරෝධී ලෙස රත්තරන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පහසුකම් භාවිතා කරමින් මෙරටට ගෙන ආ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ ගමන් මලු තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 91ක් ද තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් ෙ සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
ඒ අනුව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සමස්ථ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් හත් කෝටි අසූ දෙලක්ෂයක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
මේ වනවිට මෙම මන්ත්‍රීවරයා කොළඹ රේගු මූලස්ථානය වෙත රැගෙන විත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මැදපෙරදිග දිවයිනට පැමිණි පුත්තලම දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ගේ ගමන් බෑගය තුළ තිබී රන් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් රේගුව විසින් සොයා ගන්නා ලදි. අනතුරු මන්ත්‍රිවරයා රේගු අත්අඩංගුවට ගෙන වැඩි දුර පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක හොරු තමයි. හොරුන් විසින් පාලනය කරන රටක් දියුණු වෙන්නේ නැහැ. අරාබි රටක මෙහෙම කළා නම් මෙලහකට ඇඟිලි කීපයක්වත් කපා දමලා.
නම දැක්ක ගමන් ඉස්සෙල්ලා මම හිතුවේ නීතිය දන්නා මහා අලියා කියලා. හැබැයි දැනුයි දන්නේ මේ පොඩි අලියෙකුත් ඉන්නවා කියලා. ඔහොම තමයි ඉතින් නේද? නැත්නම් මේ ගොල්ලෝ කොහේද අර මහා තාප්ප දාපු මන්දිර හදාගෙන දිව්‍ය ලෝකේ මෙහේ ගෙනත් වගේ ජීවත් වෙන්නේ. අපි පොඩි කාලේ නම් කැස්බෑවේ ආටිගල හේවාහැට ඩැනියෙල්ස් වගේ අයත් මාට්ටු වුණා. හැබැයි ඒ අයට නම් ලැජ්ජාවක් තිබිලා දියවන්නාවෙන් අස්වුණා. දැන් උන්දැලාට කොහෙද එහෙම...? සමහරවිට හෙට ඡන්දෙටත් ගෙන්න ගනීවි. හැබැයි සතුටු වෙන්න පුළුවන් අර නිලධාරින් බය නැතුව දළ ඇතෙක් අල්ලපු එක. ඉස්සරහටත් ඔය අයට කිසිම බුරුලක් දෙන්න නරකයි.
හිතන්න ඇති මම මන්ත්‍රී කියලා ශේප් වෙන්න....
විශේෂ අමුත්තන්ගේ පර්යන්තය..., ශ්‍රී ලාංකික ප්‍රභූවරුන්ට තහනම් කරන්න.
දියවන්නාවේ අය ඔතැනින් මැණික් ගෙනියනවා කියන කතාවත් ඇත්ත වෙන්න පුළුවන්...
පුදුමයි ඒත් ඇත්තයි. අලි බබා මෙහෙම නම්. ඇමරිකාවේ ඉඳලා එනයන කපුටා ළඟ කොහොම ඇත්ද? මේ වගේ කපුටාවත් පරික්ෂා කෙරුවා නම්... අද අපේ රට මේ තරම් හිඟන තත්වෙට වැටෙන්නේ නැහැ. දැන් මයිනා. ලෑස්තිත් ඇති බේරාගන්න... මයිනාගේ පරපුරට රත්තරන් ඕනෑනේ. මේක. දඬුවම් ලැබෙයිද? මන්ත්‍රීකම අහෝසි කරයිද? සේරම දේවල්... කිසිම දෙයක් නැති රට වැසියට විතරයි.
අනේ පව් අප්පා... අහිංසක බදියුදීන්ගේ මල්ලී. ලංකාවට කුඩු අයිස් ගේන ජාතික හොරු...
ඇමැතිවරු ටිකත් පරීක්ෂා කළා නම් මීට වඩා දේවල් අහුවෙනවා.
225 ආදර්ශමත් විය යුතු වෙන්න ඕනේ... නීතිවිරෝධී වැඩ කරගන්න පාර්ලිමේන්තුවට එන හොරු තමයි මේ...
මෙයා ඔරිජිනල් සබ්‍රි නෙවෙයි. ඩුබ්ලිකේට් කෙනෙක්....
අද දින පැවැත්වෙන ඡන්දයේදී ඔහුගේ අනාගතය විසඳෙනු ඇත...
මගේ කන්දෙකම ඔට්ටුයි, ඔයාලා එකොළොස් දෙනා තමයි අන්තිමට ඕකට වැරැදිකාරයෝ වෙන්නේ සහ ගෙවන්නේ. මෙයා බේරෙනවා, ඔවුන් මෙයාව බේරනවා... ඔට්ටුද?
ඔවුන්ට නීතිය අදාල නැහැ. දේශපාලකයින් බැංකුවලට තබා ඇති පොලු මහදවල් හොරකම් නොවේද?
ගෞරවනීය....!
මන්ත්‍රී වරප්‍රසාද යටතේ ජනතා සේවය සඳහා ගෙනාපු දේවල් නේ මේ
අහු උන එක විතාරයි වෙන්න ඇති
දේශපාලනය ඉතා හොද ව්‍යවසායකයෝ බිහි කරනවා කියන්න හොද උදාහරණයක්. මන්ත්‍රී මෙහෙම නම් අනිත් අය කොහොම ඇතිද? ඔය අල්ලාගත්තු පරීක්ශකයින්ට අබ සරණයි වෙන්නත් ඇහැකි.
හොරකම රස්සාවට කරන බවක් පෙනෙන්නේ. අපරාදේ අරගල කාරයෝ ගේ ගිනි තිබ්බේ.
පවු අහිංසකයා .ඕවා ගෙනාවේ හාමුදුරුවරුන්ට පූජා කරන්න .වහාම එයාව නිදහස් කරන්න