‘‘රට පෙරලන්න හදපු අය රටින් පැන යනවා‘‘ ’’රට හැර ගිය බොහෝ වෛද්‍යවරුන් සමාජ මාධ්‍යජාල ඔස්සේ රට පෙරලන්න උත්සාහ දරපු කයිවාරුකාරයන් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසීය. 31 March 2023
ගුවනේ නමක් තබා නියමු පියා ගුවනට සමු දෙයි වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට අද (31) දින දහවල් පියවර ගෙන තිබුණි . 31 March 2023
පැල්මඩුල්ලේ නීතිඥවරිය අභිරහස් ලෙස මිය යයි පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි. 31 March 2023
කුඩු අංජුගේ මැනේජර් රිමාන්ඩ් විදේශ ගතව සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවන රත්මලානෙ කුඩු අංජු නමැත්තාගේ මුදල් පරිපාලනය සහ මත්කුඩු බෙදා හැරීමේ ජාලය මෙහෙය වූ බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශනය අංශය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රියෙල් මස 06 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (31) දින නියෝග කළාය. 31 March 2023
විදුලි බිල අඩු කරන හැටි උපයෝගිතා කොමිසම විමසයි ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව කඩිනමින් දැනුවත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය. 31 March 2023
එජාපය අනුරාපුර නිවහනට ගෙවදියි එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය අනුරාධපුර කඩපනහ දී පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. 31 March 2023
ජනපති ගාල්ලට කඩා පනී ගාල්ල කොග්ගල සහ අහංගම ප්‍රදේශවල සංචාරක හෝටල්වල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(31හදිසියේ එහි ගියේය. 31 March 2023
ලෙඩ වූ දුම්රිය රියදුරෝ එති දුම්රිය රියදුරු උසස්වීම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය රියදුරන් ලෙඩ නිවාඩු දමා ඇති බවත් ඔවුන් මේ වන විට සේවයට වාර්තා කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 31 March 2023
ඇමති කංචන ලෝක මට්ටමේ සාකච්ඡාවක විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත සැළසුම්, පෞද්ගලික අංශය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මුල්‍ය සහය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සංවර්ධනය පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ලෝක මට්ටමේ ආයතන රැසක නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ පැවැත්විණි. 31 March 2023
අයි.එම්.එෆ් කොන්දේසිවලින් රජය කතා කරන්නේ විකිණීම පමණයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසූ වැදගත් කරුණු රැසක් බැහැර කර ඇති රජය විකිණීම ගැන පමණක් කතා කරමින් සිටින බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 March 2023
වෘත්තීය පුහුණුවේ අමුතු පත් කිරීමක් වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන ගණකාධිකාරීවරයා එහි අභ්‍යන්තර විගණකවරයා ලෙස කටයුතු කිරීමට පත් කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝප් කමිටුව) දැඩි දෝෂ දර්ශනයට ලක්විය. 31 March 2023
ඩිජිටල්කරණය වෙිගවත් කරන්න අමාත්‍ය අනු කමිටුවක් ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 March 2023
ඩයනා පැවරූ නඩුවට විරෝධතා ගොනු කරන්න දින දෙයි සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධූර දැරීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් වළකාලන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මැයි 22 වැනිදා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (31) නියෝග කළාය. 31 March 2023
දුම්රිය ගමන් වාර රැසක් අවලංගුයි දුම්රිය ගමන් වාර රැසක් අද (31) දිනයේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ. 31 March 2023
ව්‍යවස්ථාදායක සභාව හෙට රැස්වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවාසේදී හෙට (1) උදේ 10.00 ට පැවැත්වේ. 31 March 2023
මිරිහානේ අරගල සැමරුමට 3000ක බලඇණියක් සීරුවෙන් අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් තුන්දාහක් 3000 කින් සමන්විත විශේෂ බලඇණියක් කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 31 March 2023
බඹර විසට ජීවිතයක් බිලි තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ වතු කම්කරුවෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (31) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 31 March 2023
සැකකරු මුදා ගන්න ආ පිරිස අහසට වෙඩි තබා විසුරුවයි කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගැනීමට තැත් කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී කටයුතු කළ බව පොලිසිය කියයි. 31 March 2023
දෙවන මහලෙන් වැටී රෝගියා මරුට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු දෙවන මහලෙන් බිමට වැටී (31) දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි . 31 March 2023
මට්ටක්කුලියේ ඝාතනයක් ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාරෙදි තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි. 31 March 2023
රාජ්‍ය පරිපාලන නව ලේකම් රංජිත් අශෝක කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී. 31 March 2023
කොස්ගම ඝාතනයට 5ක් අත්අඩංගුවට කොස්ගම මූනමලේ වත්ත ප්‍රදේශයේදී ඉකුත් 29 දා පුද්ගලයෙකුට පහරදී කඩු වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි. 31 March 2023
පළාත් කීපයකට තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (31) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 March 2023
18 සිසුවා පැදවූ වෑන් රථයේ පී.සී ගැටේ කොල්ලුපිටිය මුහුදු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි. 31 March 2023
තියුණු ආයුද පහරින් අයෙක් රෝහලේ අධිකරණ කටයුත්තක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් කෝපායි ඉරුපාලේ ප්‍රදේශයේදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇතැයි කෝපායි පොලිසිය පවසයි. 31 March 2023
අ‘පුර රෝහලේ ළමා වාට්ටුව වහයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනාම රටහැර විදේශ පදිංචියට යෑම නිසා එම රෝහලේ ළමා වාට්ටුවක් ඊයේ (30) සිට වසා දමා ඇත. 31 March 2023
හිටපු ජනපති ට්‍රම්ප්ට චෝදනා ගොනු කෙරේ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන ඇත. 31 March 2023
කාර්-යතුරුපැදි ගැටී පැදිකරු කඩේක වහලයකට විසිවෙයි හොරණ මලගල පාර පාදුක්ක ගුරුගොඩ සමුර්දි බැංකුව අසල දී අද පස්වරුවේ මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ පොලිසිය කියයි 30 March 2023
රුවන් ජනගහන අරමුදලේ නියෝජිතයන් හමුවෙයි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයින් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 30 March 2023
අකුරට වරම් නැති දරුවන්ට පිහිටට ආ ඉටු දෙවියා ත්‍රිකුණාමලය මහසෙන්පුර පාසලේ උසස් අධ්යාණපන ලැබීමේ සිහිනය යථාර්ථයක් කරමින් අහිංසක දරුවන්ට උසස් අධ්‍යා පනය ලබාදීමට එම ප්‍ර දේශයෙන් බිහි වූ තාක්ෂණ උපාධිධාරියෙක් ඉදිරිපත් වී සිටියි. 30 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026