
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වසර ගණනාවක් තිස්සේ පන්සල්,පල්ලි ,කෝවිල්වල සිටින සිවිල් ආරක්ෂක බලකායේ 2500ක් 3000ක් පමණ සේවය දිගටම ගෙන යන්න පුළුවන් කියා තමා විශ්වාස නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පන්සල් වල සිටින සිවිල් ආරක්ෂක බලකා පිරිසේ බිල රුපියල් බිලියන දෙක හමාරක් පමණ වෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා සමහරුන් මේ ස්ථානවල හරක් බැලීම කුණු එකතු කිරීම මෙවැනි කාර්යයන් කරමින් සිටින බව පැවසීය.
මේ අය කරන්නේ මොනවාද?සේවයට එනවද?කියා කිසිම ඇගයීමක් හෝ පසු විපරමක් කරන්න හැකියාවක් නැතැයි ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මේ අයගේ සේවය සම්බන්ධයෙන් ඇගයීමක් කරන්න සිද්ධ වෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙය කාලානුරූපීව ක්ෂය වන සේවයක් බවට පත්ව තිබෙන අතර මෙි 32000 ම දීර්ඝ කාලීනව තියාගෙන ඉන්න හැකියාවක් නැතැයි කීය.
එම සේවය අඩු පිරිසකගෙන් ජනතාවට ලබාදෙන්න බලාපොරොත්තු වෙන බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථාන වල වරප්‍රසාද තිබ්බාට, මිනිස්සු විඳවමින් ඉන්නේ...
ඊට කළින් ඇමැති ගොල්ලන් අඩු කරන විදිහක් හිතුවොත් නරකද මහත්තයෝ? සිවිල් බලකායේ මිනිස්සු කුණුටික හරි එකතු කරනවා. නුඹලා ඒ තරම්වත් වැදගත් දෙයක් කරනවද? ගහන කොමිස් ඒවයි, හොරාකන ඒවයි එකතු කළාම, ඔබලගේ එක ඇමැතියෙක් අයින් කළත් රටටම සෑහෙන්න දෙන්න පුළුවන්...
ඉතා හොඳ ජොබ් එකක්
මේවා ආගමික ස්ථාන. මේවට රජයෙන් ආරක්ෂාව දෙන්න අවශ්‍ය නැහැ.
පාර්ලිමේන්තු නිකමුන් නඩත්තු කිරීමට මීට වඩා මුදලක් වැය වේ.
ආගමික ස්ථාන රැක බලා ගැනීම , නඩත්තුව , සංවර්ධනය ඒ ඒ ආගම්වල ගිහි පාර්ශවයේ වගකීමක් මිස රජයේ වගකීමක් නෙවෙයි.
ක්ශය වන සේවයක් කියන්නෙ වැඩේ අරන් ඉවර උනාම ගෙදර යවන එකක් නෙවෙයි මහත්තයො.අලුතෙන් බඳවාගැනීම් නොකරන එකක්.මේ ආන්ඩුවට පන්සල් එක්ක පුදුම ඇරියස් එකක්නෙ තියෙන්නෙ..