(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් දෙන්නැයි වත්මන්ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
ජනාධිපතිවරුන් එසේ කටයුතු කරනවිට ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට එසේ කටයුතු කිරීම මගහැර යා නොහැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
වික්‍රමරත්න මහතා මෙසේ පැවසුවේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමිනි.
එරාන් වික්‍රමරත්න මහතා මෙසේද සඳහන් කළේය.
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. රටක් වෙනස් වන්නේ නීති සම්පාදනයෙන් පමණක් නොවෙයි. ආදර්ශයත් වැදගත්. වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න කියලා වත්මන් ජනාධිපතිතුමා ගෙන් හිටපු ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. හිටපු ජනාධිපතිවරුන් දෙන්නකු මේ සභාවේ ඉන්නවා. එතකොට ඇමතිවරුන්ට නිලධාරීන්ට මන්ත්‍රීවරුන්ටආදර්ශයෙන් ම ඒක කරන්න වේවි. රටක් වෙනස් වන්නේ එහෙමයි. දූෂණය නැති කරන්න බෑ. අවම කරන්න පුළුවන්. රට ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි. කාගෙත්ම ඒවා එළියට දාන්න.
ලංකාවේ ණය ට්‍රිලියනය ගැන හිටපු ජනාධිපති ගණනෙන් බෙදුවාම එක් අයෙකුගේ වත්කම්වල වටිනාකම හොයාගන්න පුළුවන්... ගොඩක් සරල ගණිතය...
ජනපති වෙන්න ඉදිරිපත් වුණු, ඉදිරිපත් වෙන අයගේත් විස්තර දෙනවා නම් හොඳයි.
වත්කම් හොයපු විදිහත් දාන්න. කරපු රස්සාවල පඩියයි, වෙනත් ආදායම් මාර්ග තිබ්බා නම් ඒවයි වශයෙන්... එතකොට ඔක්කොම හිරේ දාන්න පුළුවන්.. හරිම සරලයි.
වත්කම්, බැරකම් ප්‍රකාශ ගැනීමට නියම කිරීම විතරක් මදි. සෑම වසරකම මුල් කාර්තුව වනවිට නොදී සිටින අය සම්බන්ධයෙන් කිසියම් දඬුවමක් වත්මන් මුදලේ වටිනාකම අනුව නියම කරන්න ඕනෑ.. මේවා ගැන සොයන්න විධිමත් ක්‍රමයක් හදන්න ඕනෑ... එහෙම නැතුව වත්කම්, බැරකම් පනත පමණක් තිබුණා කියලා වැඩක් නැහැ. රජයේ නිලධාරින්ගේ පමණක් සොයලත් මදි... පළාත් පාලන ආයතනවලත් ඉන් ඉහළ ආයතන වලත් සිටින සියලු දේශපාලකයින්ගේත් අනිවාර්යයෙන් බලන්න ඕනෑ.
වැඩක් නැහැ... ඔක්කොම හංගලා තියෙන්නේ පිටරටවල නම්, ඒකනේ අර ආඩම්බර අප්පච්චි නීතියක් ගෙනාවේ... පිටරටවල වත්කම් හොයන්න/ හෙලිකරන්න බැහැ කියලා...
ඕක ඔය තරම් කරදර වෙන්න ඕන දෙයක් නෙමෙයි. තනතුරේ දිව්රුම් දීමට වත්කම් බැරකම් ප්‍රකාශයත් අරගෙන එන්න කියන්න.
එක එකාගේ නම් වලින් පිටරටවල හන්ගලා ,,.උගන්ඩාවටත් ඩොලර් මිටි ගණන් යවලා තියෙන්නේ .දූෂිත දේසපාලුවන්ට තියෙන්නේ කපට් කයිරාටික මොලේ.
අපි නීති විරෝධී පල්ලියේ ආදායම බැලීමට කැමතියි.