කෘමිනාශක -වල්නාශක මිල අඩුවෙයි සියලුම වල් නාශක හා කෘමිනාශක වල මිල සියයට 20කින් අඩු කිරීමටත්, ඇතැම් පළිබෝධ නාශකවල මිල ගණන් සියයට 40ක් දක්වා සහන මුදලකට ලබා දීමටත් සමාගම් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්යාංාශය පවසයි. 03 April 2023
අ‘පුර ළමා වාට්ටුව වැසුවාට වෙද සිසුවෝ විරෝධයක ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු නොමැති බව කියමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ පිහිටි ළමා රෝග වාට්ටුව (63) හදිසියේ වසා දැමීම හේතුවෙන් දහසකට ආසන්න වෛද්‍ය පීඨ සිසු සිසුවියන් හට සායනික පුහුණුව ලබා ගැනීමට නොහැකි වන බවත්, එම නිසා වසා දැමුණු එම වාට්ටුව වහා විවෘත කරන ලෙසට රජයට බල කරමින් අද (3) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී වෛද්‍ය පීඨ සිසුහු උද්ඝෝෂණයක නිරත වූහ. 03 April 2023
කොළඹ කසල කළමනාකරණයට කැබිනට් අනුමැතිය කොළඹ අගනගරය ආශ්රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත්කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවේ. 03 April 2023
ප්‍රතිත්‍රස්ත පනත ළඟදීම මැතිසබයට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැලැක්වීම සඳහා විධිවිධාන ඇතුළත්, නව ප්‍රතිත්‍රස්ත පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 03 April 2023
කසිප්පු ගෙනත් නොදුන්නැයි දරුවන් ගෙදරින් පන්නලා කසිප්පු පැකට්ටුවක් රැගෙන එන ලෙස තම බාලවයස් දරුවාට කළ නියෝගය දරුවා විසින් පැහැර හැරියාට පාසල් වියේ පසුවන තම දරුවන් තිදෙනාගේම පාසල් පොත් සහ ඇදුම් නිවෙසින් පිටතට දැමූ බව කියන පියකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 03 April 2023
වෙඩික්කරුගේ උත්සාහය තෙවරක් අසාර්ථකයි කොස්වාඩිය ප්‍රදේශයේ පදිංචි අයකුටඉතාලි බලා යෑමට නියමිතව සිටි දිනට පෙර දින රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි දෙකක් තබා ඇතත් ඒ අවස්ථා දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා ඔහුගේ ජීවිතය අනූ නවයෙන් බේරී ඇතැයි මාරවිල මූලස්ථාන පොලීසිය පවසයි . 03 April 2023
බොරතෙල් සැපයුම අඩු කරයි ඔපෙක් ප්ලස් රටවල් මැයි මස සිට සිය සැපයුමෙන් දිනකට බොරතෙල් බැරල් මිලියනයක් කපා හරින බව නිවේදනය කිරිමත් සමඟ ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 03 April 2023
අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ගැනීම ගැන නිවේදනයක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. 03 April 2023
තුන්වැනි මහලෙන් බිමට වැටී ධීවරයා මරුට මොරටුව, සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් බිමට වැටී පුද්ගලයකු අද (03) අලුයම මියගොස් ඇතැයි අඟුලාන පොලීසිය කියයි. 03 April 2023
පොල්තෙල් සියයට 72 ප්‍රමිති පරීක්ෂාවක් නෑ ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන පොල්තෙල් වලින් සියයට හැත්තෑ දෙකක් සම්බන්ධයෙන් ප්‍රමිති පරීක්ෂාවක් සිදුවී නොතිබුණ බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 03 April 2023
තෙලේ සහනය ජනතාවට දෙන්න ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට දීමට නොපමාව ක්රිියාකරන්නැයි මුදල් අමාත්යාං ශය භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් ඉල්ලීමක් කළේය. 03 April 2023
රසායනික පෝර තහනමෙන් අස්වැන්න සියයට 53කින් අඩු වෙලා 2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් එම මහ කන්නයේ මෙරට අක්කරයකට ලබා ගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 03 April 2023
පොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමත කළේය. 03 April 2023
ලක්ෂ 50 යතුරු පැදි සොරා මාට්ටු යතුරුපැදි මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඉතා සූක්ෂම අයුරින් රුපියල් ලක්ෂ 50 කට ආසන්නව වටිනා යතුරු පැදි අටක් සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 03 April 2023
පළාත් රැසකට සවස වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (3) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 April 2023
කෝටි 7ක අයිස් මත්ද්‍රව්‍ය තලෛයිමන්නාරමෙන් අල්ලයි තලෛයිමන්නාරම, වැලිපර ආශ්රිත මුහුදු ප්‍රදේශයේ අද (2) කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 7කට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 කට අධික තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 03 April 2023
එක් කතක් සමග එකට පවුල් කා මරා ගනී අනියම් බිරිඳක් සමග එකම නිවසක පවුල් කෑ මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකදී එක් අයකු අනෙකා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි . 03 April 2023
පෙමට පිටු පෑ සිසුවියට දහම් පාසලේ දී පිහි පහරක් ප්‍රේම සම්බන්ධයකට අකමැති වූ 15 හැවිරිදි සිසුවියකට දහම් පාසල තුළ සිදුවූ තියුණු ආයුදයකින් ඇන ඇතැයි ගල්ඔය පොලිසිය කියයි. 02 April 2023
ප්‍රංශයේ ශ්‍රී ලංකා නව තානාපතිනි සුභ මොහොතින් වැඩ අරඹයි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වූ නව තානාපතිනී මනිෂා ගුණසේකර මහත්මිය පසුගියදා වැඩ භාර ගත්තාය. 02 April 2023
හේමා නිවෙස බාර දෙයි හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබාදී තිබු කොළඹ නිල නිවෙස ඇය වසර 30කට පසු රජයට පසුගිය 31 වැනිදා සිකුරාදා බාර දුන්නාය. 02 April 2023
බීමත්ව සිටි පොලිසියේ තුනක් අල්ලයි කොල්ලුපිටිය පොලිස් භූමියේ පිහිටි භට නිවස තුළ විවේකීව සිටි පොලිස් නිලධාරීන්ට කරදරයක් සහ හිරිහැරයක් වන ආකාරයට බීමතින් අශෝභන ලෙස හැසුරුණේ යැයි කියන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 02 April 2023
සාජන්ගේ දුරකතනය සොරාගත් පී.සී මාට්ටු මරදාන දස මහල් පොලිස් භට නිවාසයේ නේවාසිකව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකුට අයත් රුපියල් 80.000 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් සොරාගැනීම සම්බන්ධයෙන් එහි නේවාසිකව සිටින තානාපති කොට්ඨාසය පොලිස් කොස්තාපල්වරයකු මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 02 April 2023
බූරු මුණා බාර දුන් නීතිඥයාගෙන් ප්‍රකාශයක් ගනී ඝාතන රැසක වෙඩික්කරු ලෙස කටයුතු කළ රවිඳු සංඛ ද සිල්වා හෙවත් බුරු මුනා නැමැති අපරාධකරු අධිකරණය වෙත භාර කිරීම සඳහා රැගෙන ආ නීතිඥවරයා ගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 02 April 2023
ඇඟළුම් අපනයනය පහළ බසී ඇඟළුම් අපනයන ආදායම අඩුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 31 වැනි දා නිකුත් කළ මෙම වසරේ පෙබරවාරි මාසයට අදාල විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය දැක්වෙන වාර්තාවේ මේ බව සඳහන් වී ඇත. 02 April 2023
අවුරුදු සමරන්න සූදානම් වෙති ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මේ දිනවල විශාල ජනතාවක් රැක්ව සිටින ආකාරය දැකගත හැකිය. 02 April 2023
රත්මලානට ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් රත්මලාන දුම්රිය වැඩබිම් පරිශ්‍රයේ දැනට පවත්වාගෙන යන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය රුසියා සහ බෙලාරුසියා ප්‍රවාහන විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳ එම රටවල විශ්වවිද්‍යාල බලධාරීන් සමග ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සාකච්ඡා කළේය. 02 April 2023
රුසියානු ජාතිකයාට පහරදුන් ධීවරයා අත්අඩංගුවට වැලිගම සුපිරි වෙළඳසැලක පෝලිමෙන් පැන මත්පැන් ලබාගත් බව කියන රුසියානු ජාතිකයෙකු ට විදුරු බෝතලයකින් පහර දී තුවාල සිදුකළ ධීවරයකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 02 April 2023
ගුවන් තොටට තෙල් ගබඩාවක් ගුවන්යානා ඉන්ධන ප්රශ්නය විසඳීම සඳහා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 35,000ක් ගබඩා කිරීම සඳහා ගබඩාවක් ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශයට ලබාදී ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 April 2023
ජනපති සටනට රනිල් ගේන්න පොහොට්ටුව වැඩ අරඹයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් දැන් සිටම සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. 02 April 2023
දාන ගෙදරක ගිහින් එද්දී ලොරියක හැපී ත්‍රිෙරා්ද රියැදුරු මරුට පුත්තලම ප්‍රදේශයේ දාන ගෙදරකට සහභාගි වී ආපසු සිදූව දක්වා ගමන් කරමින් තිබු ත්‍රි රෝද රථයක් මාරවිල දී ලොරි රථයක ගැටි සිදුවු අනතුරකින් 34 හැවිරිදි පුද්ගලකු මරණයට පත්ව කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු බරපතල තුවාල සිදුව ඇති බව මාරවිල පොලිසිය කියයි. 02 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026