ව්‍යාජ කච්චේරියක් නාරාහේන්පිටින් අල්ලයි රියදුරු බලපත්‍ර ඇතුළු අනකුත් ලේඛන ව්‍යාජ ලෙස සකස් කරන නාරහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක් වටලා ව්‍යාජ රියැදුරු බලපත්‍ර සහ තවත් ලිපි ලේඛන තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 04 April 2023
සඳට යන ගගනගාමීන් මෙන්න ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, ලබන 2024 වසරේ දී, සඳට යන ගගනගාමීන් සිවුදෙනා ලොවට හඳුන්වා දීමට නාසා ආයතනය කටයුතු කළේය. 04 April 2023
දඹුල්ලේ ඉඩම් කොල්ලයක් දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි වාණිජ වටිනාකම්ක් ඇති සංවර්ධනය සඳහා රජයට පවරා ගත් ඉඩම් ඉතා සූක්ෂම ලෙස පෞද්ගලික ව්‍යාපාරිකයකුට ලබාදී එම ඉඩම්වල ඇති වටිනා ගස්කොළන් දේපල සියල්ල යන්ත්‍ර සූත්‍ර දමා විනාශ කරන බව ප්රදේශවාසිහු පිරිසක් දඹුල්ල පොලිසියට පැමිණිලි කළහ. 03 April 2023
යාල්දේවි කොළඹ කොටුවේදී පීලිපනී අනුරාධපුරයේ සිට පැමිණි යාල්දේවි ශිඝ්රගාමී දුම්රියේ එන්ජිම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 03 April 2023
පුත්තලමේ පොලිස් මාරුවට අධිකරණයෙන් දොස් පොලිස් කොස්තාපල්වරයකුට පහර දීමේ සිද්දියක් මත ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙ සිට ඉහල පොලිස් නිළධාරීන් පිරිසකට දුන් ස්ථාන මාරූව නිවැරදී විම තමන් අපෙක්ෂා කරන්නේ යැයි පැවසු ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය තම අධිකරණ බල ප්‍රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමා බැදි සිටින්නේ යැයිද කීවාය. 03 April 2023
බිග් මැච් අනතුරේ රියදුරුගේ තොරතුරු එළියට බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවති ක්‍රිකට් තරගය අතරතුර පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් කැබ් රථයක් පෙරළී සිසුන් දෙදෙනකු මියගොස් , තවත් සිසුන් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියේ කැබ් රථය පැදවූ රියැදුරු සිසුවාට ඇත්තේ තාවකාලික රියදුරු බලපත්‍රයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 03 April 2023
පේරාදෙණි සරසවි කෞතුකාගාරයේ බඩු අතුරුදහන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨය තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන කෞතුකාගාරයේ තිබු ඉපැරණි කෞතුක භාණ්ඩ තොගයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පවසයි. 03 April 2023
ලාෆ් මිලත් අඩු කරයි ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට කටයුතු කරන බව එම සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය. 03 April 2023
යළි අයි.එම්.එෆ් යන්නේ නෑ 18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමා කිසි සේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 April 2023
ජපන් සිහිනය බොද කළාට වසර 15ක් මහඋළු ගෙදරට ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 15 දෙනකුකට අධික පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කළ බවට වරදකරුවූ කොළඹ 07 කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වසර 15ක සිරදඬුවමක් අද (03) නියම කළේය. 03 April 2023
බෙහෙත් ගන්න ඇවිත් වෛද්‍යවරියට සුද්දයක් දාලා මොරගහහේන කුඩාඋඩුව පිං බෙහෙත් ශාලාවේ පවත්වාගෙන ගිය රජයේ ආයුර්වේද මධ්‍යස්ථානයට අද දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සිටි වෛද්‍යවරියට සහ කාර්ය මණ්ඩලයට මරණ තර්ජනය කර ඔවුන් පළඳ සිටි රන් ආභරණ කොල්ල කා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. 03 April 2023
කෝටි 14ක ගංජා නාවික හමුදාව යටතට නාවික හමුදාව විසින් යපනය, කන්කසන්තුරයට ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 14 ට ආසන්න අධික වටිනා කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 03 April 2023
ඇමති තාරක ආසියානු ජාතීන්ගේ සංගමයේ තානාපතිවරුන් හමුවෙයි අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ රටවල් ( ආසියාන් ) සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් සාකච්ඡාවක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ. 03 April 2023
සිසු විරෝධය ජල ප්‍රහරවලින් දියකරයි ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරොධතාව ජල ප්‍රහාරයක් එල්ල කරමින් විසුරුවා හැරියේය. 03 April 2023
සිර දඬුවමට එරෙහිව රාහුල්ගෙන් අභියාචනයක් සුරාට් අධිකරණයේ ගොනු කර තිබූ සාපරාධි අපහාස නඩුවට වරදකරු යැයි තීන්දු කරමින් එම අධිකරණය ලබා දුන් නියෝගයට එරෙහිව කොංග්රස් පක්ෂ ප්‍රධානී රාහුල් ගාන්ධි අද (3) ගුජරාට් අධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය. 03 April 2023
ඉන්දියා - ශ්‍රී ලංකා නාවික සමුද්‍ර අභ්‍යාසය ඇරඹේ ඉන්දියානු නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා 10 වැනි ද්විපාර්ශ්වික වාර්ෂික සමුද්‍ර අභ්‍යාස ‘ස්ලයිනෙක්ස් -2023’ මෙම මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ. 03 April 2023
ජ'පුර දේපල කළමනාකරණ හා තක්සේරුකරණ උපාධියේ 50 වසරක විශිෂ්ටත්වය සැමරෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ EMV ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද INVICTUS EMV Alumni Dinner and Fellowship මාර්තු 11 වැනි දින බත්තරමුල්ල Waters Edge හි Grand Ballroom හි පැවැත්විණි. 03 April 2023
කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක් රටේ ව්‍යවස්ථාව සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ලෙස, අධිකරණයේ ස්වාධීනත්වයට බාධා නොකරන ලෙස මෙන්ම රටවැසියන්ගේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස ආරක්ෂා කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 03 April 2023
ගෙවල් 87,000ක වතුර කපලා ගත වූ දින කිහිපයක කාලයේ දී බිල් නොගෙවීම නිසා පවුල් 87,000ක ජල සැපයුම් විසන්ධි කර ඇති බවත්, විදුලිබල පරිභෝජනය ද සියයට 20 කින් අඩු වී ඇති බවත් නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා පැවසීය. 03 April 2023
ටෙලිකොම් රැක ගන්න සේවකයෝ පාරට ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් රට පුරා ටෙලිකොම් සේවකයෝ විශාල පිරිසක් කොළඹ කොටුව ටොලිකොම් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ අද (3) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. 03 April 2023
මත් සාදයක් පැවැත් වූ චෝරා මාට්ටු නවගමුව නාකඩමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සාදයක් පැවැත් වූ අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ’’චොරා’’ සමග කාන්තාවන් සිව් දෙනකු ඇතුලු පුද්ගලයන් දස දෙනකු අයිස් මත් ද්‍රව්‍ය සමගින් අද (03) දින සවස සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 03 April 2023
ජපුරේ වැඩ කෝප් කමිටුවේදී අගයයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රගතිය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී (කෝප් කමිටුවේදී) විශේෂ ඇගයුමට ලක්විය. 03 April 2023
උතුරු මැද හිටපු මහ ඇමතිට ඇප සිය වැටුපට ඉන්ධන දීමනාව එක්කර තිබියදී උතුරු මැද පළාත් සභා මුදලින් රුපියල් ලක්ෂ 53 කට අධික ඉන්ධන ලබාගත් බවට චෝදනා ලැබු උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතාට අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඔ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට ඊයේ (03) නියම කළේය. 03 April 2023
ඇඟට දැනෙන්න ලිට්රෝ පහතට ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (3) පස්වරුවේ පැවසීය. 03 April 2023
ඉන්දියාවෙන් වතු කම්කරු දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව වතු කම්කරුගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ඉන්දියානු රජය ආරම්භ කර ඒ සඳහා එම දරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 03 April 2023
සංඝබෝධි විදුහල්පති නිදොස් කොට නිදහස් හය වසරට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි නිට්ටඹුව සංඝබෝධි මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා නඩු විභාගය අතරතුරදී විත්ති වාචක නෙකැඳවාම සියළුම චෝදනවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා නියම කළේය. 03 April 2023
නිකන් දුන්න ඩිප්ලෝමාවට ලක්ෂ දෙකක් අය කරයි මෙතෙක් නොමිලේ පවත්වන ලද ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන්ගෙන් රුපියල් 225,000 ක් අය කිරිමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය කටයුතු කර ඇතැයි ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාධාරී ආදී විද්‍යාර්ථීන්ගේ සංසදය පවසයි. 03 April 2023
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 03 April 2023
කිතුල මදින්න ගිහින් ගසේදීම මරුට කිතුල් ගසක් මැදිමට ගිය පුද්ගලයෙකු අද (03) ගස උඩම මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි. 03 April 2023
රුසියාවෙන් බොරතෙල් අඩුවට ගන්න යයි ශ්‍රී ලංකා රජය ඉදිරියේදී රුසියාවෙන් වට්ටම් සහිතව බොරතෙල් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. 03 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026