(සිතුම් චතුරංග)

වවුනියාව, කූමාන්කුලම ග්‍රාම නිළධාරි කාර්යාලය තුළ තිබි බෙදාහැරීමට සූදානම් කොට තිබූ මිනිස් ආහාරයට නුසුදුසු හාල් කිලෝ 4860 සොයාගත් බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම් ලාභී පවුල් සඳහා නොමිළයේ බෙදාහැරීමට ලබාදී තිබූ සහල් තොගයක් මෙසේ සොයාගත් බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය‍ෙ

කිලෝ 10 බැගින් වු උර 486 ක් එහි තිබි හමුවු බවත්, අදාළ හාල් තොගය භාවිතයට ගත නොහැකි ලෙස ගුල්ලෝ සහ පණුවන් ගසා තිබු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීහු පැවසූහ.

රජය මඟින් ක්‍රියාත්මක වැඩසටහන් යටතේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර අඩු ආදායම්ලාභී පවුල් වෙත කිලෝ දහය බැගින් මෙම සහල් ලබාදීමට ග්‍රාම නිලධාරිවරයා වෙත ලබාදී ඇතත් මාස ගණනක් පරිසරයට නිරාවරණයවී තිබිම හේතුවෙන් සහල් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්ව ඇතැයි සහල් පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවැසූහ.