
(අංජුල මහික වීරරත්න)
ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටෙි තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවෙියැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව මෙම කඩිනම් තීරණය ගෙන ඇත.
අදාල බුද්ධි තොරතුර ලැබීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට අද (29) උපදෙස් දෙනු ලැබූවේ පොලිස්පතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවෙි එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ඇරැඹුමෙිදීම ආගමික සංහිදියාව බිද දමමින් ජන කොටස් අතර විරසකයක් ඇති කොට යළි රට කඩා වැට්ටවීමට උත්සායක් ක්‍රියාත්මක බවට ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරින් කරුණු අනාවරණය වී ඇත.
මෙවැනි කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් ආගමික සංහිදියාවට බාධාවන කරුණු සමාජයට පැමිණීමට පෙර එ්වා වලක්වා ගැනීමේ වගකීම අලුතින් ස්ථාපිත කෙරෙන නව පොලිස් ඒකකයට පැවරෙන්නේ ය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉතා කඩමින් නව පොලිස් ඒකකය පිහිටුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් - බෆල් මඟින් සිදුකරන මහජන පීඩාව නවත්වන්න.
දැන් මීලග මැතිවරණට අවශ්‍ය වටපිටාව සකස්කරමි යනවා , ජයවේව මගේ මවුරට
අපේ රටෙ මිනිස්සු කොහොමත් සංහිදියාවෙන් තමයි හිටියෙ . භාශා පනත් ගෙනැල්ලා, පුස්තකාල ගිනි තියලා , පන්සල් පල්ලි වලට බෝම්බ ගහලා උතුර දකුණ් ගිනි තියලා මුලු රටම ලේ විලක් කලේ සුද්දාගෙන් රට භාර ගත්ත කාලකණ්නි තමයි. මෙච්චර මැරිලත් මේ පිසාචයන්ගෙ ලේ පිපාසෙ සංසිදිලා නෑ. මුන් මැරෙන මොහොතේ හරි හෙන ගහන්න ඕනෙ මුන්ට
එක හොන්දයි..නැත්නම් රාජපක්ශලට ආන්ඩු බලය ගන්න පුලුවන් එකම ක්‍රමය ආගම් වාදය පමනයි..ණන්දසේන ආගම් සන්හිඳිහිඳියාව නැතිකරල රටත් නන්නතාර කරල අන්තිමට එයත් නැතිඋනා
ආගමික සංස්ථා තිබුණාට කමක් නැහැ. ඒ වුණත් මහජනතාවට හිරිහැර වන පරිදි මහජන පොදු දේපලවල බලහත්කාරයෙන් එක එක ඒවා අටවා ගැනීමත්, කන්වලට නිදහසක් නැති ආකාරයට බලහත්කාරයෙන් ප්‍රචාරයන් මිනිසුන්ගේ ඔළුවලට රිංග වීමට උත්සාහ කිරීමත් නැති කරන්න. කොහොමටත් මේ රටේ නිදහස ගැන බලාපොරොත්තු තියාගන්න අමාරුයි.
බලලෝභී, දූෂිත දේශපාලුවන් හදන ආගමික සංහිඳියාව. ඔවුන් තමයි ආගම, ජාතිය ඉස්සරහට දාලා මේ රට කෑවේ...
මේකත් ඔතැනම තමයි ඉන්නේ.., මෙයයි රාජපක්ෂ නඩෙයි දෙකම එකයි. මිනිස්සු මෙයාව හොදට අඳුරනවා, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ...
මේ ජවනිකා අංක 2... රටවල් නම් හැදෙයි මේ වගේ අය එක්ක...
ආගමික සංහිඳියාව ඇතිකරන්න ඕනේ ඒ ඒ ආගමික නායක හිමිවරුන් හා ඒ ඒ පූජ්‍ය උතුමන්ලා විසිනුයි. එයට රජය සහාය දීමයි කළයුතු වන්නේ.කොයි දේශපාලකයනුත් හදන්නේ,රටේ පවතින මේ වැනි ප්‍රශ්න දඩමීමා කරගෙන තමන්ගේ ඡන්ද පදනම ස්ථාවර කරගන්නටයි. ඒක තමයි ඇත්ත.පොලීසියේ හොරුන් ඉන්නවා.ඇතැම් පොලිස් නිලධාරීන් කළ කී දේ ගැන අමුතුවෙන් කිවයුතු නැහැ.රටේ පොලීසිය හරිහැටි හදාගන්න බැරි පොලිස්පති හා රජය මේ වැනි භාරදූර දේ කෙසේ කරන්නද ? ජෙරම්,නතාෂා හා තවත් අය ගැන නිසි පරිදි ක්‍රියාකල යුතුයි.එහි විවාදයක් නැහැ. ඒත්,දේශපාලනය කරන භික්ෂූන් ගැන,බුදු දහමට අපහාස කළ තවත් බලවත් අය ගැන මේ රටේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා නිසි අයුරින් ක්‍රියා කිරීමට කටයුතු නොකරන්නේ ඇයි? වරද කව්රුන් කළත් වරදමයි.එහෙත්,අද වගකිවයුතු අය අලි යන විශාල පාරවල් වහන්නෙ නැහැ. කූඹීන් යන පාර වහනවා.