(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්නයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ මීට වසර දෙකකට පෙර ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් නිරීක්‍ෂණය වන බව ධීවරයෝ පවසති.

මෙම තෙල් කාන්දුව පිළිබඳව ධීවරයන් අවශ්‍ය සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දී ඇති බවත් එම කාන්දුව තව දුරටත් වර්ධනය වුවහොත් විශාල සමුද්‍ර දූෂණයක් විය හැකි බවත් ධීවරයෝ කියති.

මෙම නෞකාව විනාශ වන විට එහි රසායනික ද්‍රව්‍ය ඇතුළත් බහලුම් 1,500 කට ආසන්න සංඛ්‍යාවක් ද, නෞකාවේ ඉන්ධන මෙට්‍රාක්ටොන් ගණනක් ද, තිබූ බවට වාර්තා විය.

මෙම නෞකාව විනාශ වීමෙන් ශ්‍රී ලංකා සමුද්‍රිය පරිසරයට ඇති දැවැන්ත හානියක් වූ අතර ඒ පිළිබඳව වන්දි ගැනීමේ නඩු කටයුත්ත මේ වන විට  දැවැන්ත ආන්දෝලයකට තුඩුදී තිබේ.