‘‘සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් ගන්නවා‘‘ ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති ඇමැති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. 05 April 2023
හදිසි ආපදා මුදවා ගැනීමේ පුහුණුවක් හදිසි ආපදා තත්වයකදී ජලයේ අනතුරට පත් පුද්ගලයින් සෙවීමේ හා මුදවා ගැනීමේ නිදර්ශණාත්මක පෙරහුරුවක් ගුවන් හමුදා අංක 7 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සහ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය එක්ව පානදුර වෙරළ උද්‍යානය අසල මුහුදු තීරයේදී පසුගියදා පැවැත්වීය. 05 April 2023
කිරි පානය සිසුහු 12ක් රෝහලට කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේ පෙරපාසලක දරුදැරියන්ට ලබා දුන් කිරි වර්ගයක් පානය කළ දරු දැරියන් 12 දෙනකු රෝහල් ගතකොට ඇතැයි කිලිනොච්චිය රෝහල් වෛද්‍යවරයෙක් පැවැසීය. 05 April 2023
ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන නිදහස් කරයි අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටවලට රංගන දායකත්වය ස්ටෝර්මි ඩැනියෙල්ස්ට සහ තවත් දෙදෙනෙකුට 2016 මැතිවරණ සමයේදී කළ නීති විරෝධී මුදල් ගෙවීම් වසන් කිරීම සඳහා නිව් යෝර්ක් ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම පිළිබඳ ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මැන්හැට්න් නීතිපති කාර්යාලය ගොනු කර තිබූ අධි චෝදනා 34 ට තමන් නිවැරදිකරු යැයි මැන්හැට්න් අධිකරණයේ ඊයේ (04) පෙනී සිටි අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. 05 April 2023
කැබ් ත්‍රිරෝද රථ ගැටී සැමියා - බිරිය - පියා මරුට වැල්ලවාය තණමල්විල මාර්ගයේ යාලබෝව ශෙල්ලබාව හංදිය ආසන්නයේ කැබි රථයක් හා ත්‍රි රෝද රථයක් මුහුණට මුහුණ ගැටි සිදුවු රිය අනතුරින් තණමල්වල පොලිස්ථානයේ සේවය කල පොලිස් සැරයන්වරයකු ඔහුගේ බිරිඳ හා සැරයන්වරයාගෙ පියා මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි. 05 April 2023
ලොක්කෙක් තෙල් බෙදීම අවුල් කරලා රට තුළ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය අංශයේ උසස් නිලධාරියකුගේ ප්‍රායෝගික නොවන තීරණයක් මෙයට හේතු වී ඇති බවත් ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය උසස් නිළධාරියෙක් පැවසීය. 05 April 2023
කෝටි 9ක කේරළ ගංජා සමඟ 3ක් මාට්ටු යාපනය ඩෙල්ෆ් දූපතට බටහිර දෙසින් වූ මුහුදු සීමාවේ නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ඩිංගි යාත්‍රාවකින් රැගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 283 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 05 April 2023
දෙවැනි තරගයෙන් නවසීලන්තයට කඩුලු 9ක ජයක් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (5) පැවැති දෙවැනි තරගයෙන් නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුළු 9ක කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමට සමත් සමත් වූහ. 05 April 2023
දියවන්නා ඔයේ මළ සිරුරක් තලංගම කිඹුලා ඇල ප්‍රදේශයේ දියවන්නා ඔයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද සවස හමුවූ බව තලංගම පොලිසිය කියයි. 05 April 2023
මුණුපුරාගේ පොරෝ පහරින් සීයා -ආච්චි මරුට ඇල්ල බල්ලකෙටුවේ නිවෙසක මුනුබුරකු පොරොවකින් හිසට පහරදී සිය ආච්චි සහ සීයා ඝාතනය කර ඇතැයි බල්ලකෙටුව පොලිසිය පවසයි. 05 April 2023
පෝර ගන්න ගොවීන්ට QR ඛේතයක් 2023 මහ කන්නයේ දී රජය පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව එම කටයුතු පෞද්ගලික අංශයට බාර දෙන බවත් ගොවීන්ට රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා මූල්‍ය සහනාධාරයක් දෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 April 2023
කජු කන්න ගිය තරුණිය හමුදා බසයට යටවී මරුට කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුපුරයදී හමුදා සෙබළුන් ගමන් ගත් බස් රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ විසි දෙහැවිරිදි අවිවාහක තරුණියක මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 05 April 2023
හෝටල් සේවකයා ප්‍රධාන කළමනාකරුට බෝතලයකින් පහරදීලා අලුත්ගම මොරගල්ල තරු පන්තියේ සංචාරක හෝටලයක ප්‍රධාන කළමනාකරැවකුට සාමාන්‍ය සේවකයෙකු විසින් අද (4) වීදුරු බෝතලයකින් හිසට පහරදී බරපතළ තුවාල කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම සේවකයා අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 04 April 2023
‘‘මේ වසර අග උද්දනමය සියයට 10වඩා පහළින්‘‘ මෙම වසර අවසාන වන විට මෙරට උද්ධමනය සියයට 10 ට වඩා අඩු වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙන බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. පෙබරවාරි සහ මාර්තු මසට සාපේක්ෂව අප්‍රේල් මස උද්ධමනය තවත් අඩු වෙතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 04 April 2023
ලිට්රෝ නව ගෑස් සිලින්ඩර 15,000 ක් ලිට්රෝ නව ගෑස් සිලින්ඩර 15,000 ක් එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ලැබීමට නියමිත බවත් ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් ඇති බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 04 April 2023
සූර්යා සුවඳ කූරු ලංකාදිප ඔන්ලයින් සමග අලුවිහාරයට සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර බක් පුන් පොහෝදා වැඩසටහන හෙට (5) දා ඓතිහාසික මාතලේ අලුවිහාරයේදී සිදු කෙරේ. 04 April 2023
නව ඔම්බුඩ්ස්මන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු (ඔම්බුඩ්ස්මන්) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (4) දිවුරුම් දුන්නේය. 04 April 2023
සුනාමියෙන් ආ මාරයා තිදරු පියා බිලිගනී ගොයම් කපන යන්ත්‍රයක ආධාරයෙන් තම කුඹුරේ ගොයම් කපමින් සිටි පුද්ගලයෙකුගේ හිසේ බැඳ තිබූ සරම, එම යන්ත්‍රයට පැටලී යාමෙන් එම පුද්ගලයාගේ හිස එම යන්ත්‍රය තුළට ඇදී ගොස් අද (4) සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්නෑව පොලිසිය පවසයි. 04 April 2023
දියණියන් දෙදෙනකුගේ රහස් ප්‍රෙද්ශ පිළිස්සූවැයි මව 10 තෙක් රිමාන්ඩ් එකොළොස් හැවිරිදි තම බාලවයස්කාර දියණීය ඇගේ ඥාති සහෝදරිය සමග අස්වාභාවික ලිංගික ක්‍රියාවක හැසිරුණැයි දියණීයන් දෙදෙනාගේම රහස් ප්‍රදේශය ඇලුමීනියම් හැන්දක් රත්කර පු`ථස්සා කෲරත්වයට පත් කළැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අත්අඩංගුවට ගත් මවක ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (04) නියෝග කළේය. 04 April 2023
ෂාෆ්ටර්ගේ බිරිය අධිකරණය කී කතාව විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා තම ස්වාමියා සම්බන්ධයෙන් තමා ප්‍රකාශ නොකළ දේවල් අධිකරණයට වාර්තා කර ඇති බව සඳහන් කරමින් මරණයට පත්වූ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ බිරිඳ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (04) දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළාය. 04 April 2023
රසකළ කිරි බී පෙරපාසල් දරු දැරියෝ 12 ක් රෝහලේ පෙරපාසල් කාලයේ ලබාදුන් රසකළ කිරි වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ඇතිවූ රෝගීතත්වයක් හේතුවෙන් කිලිනොච්චිය , භාරතීපුරම් හි පෙරපාසලක දරු දැරියන් 12 දෙනකු අද (04) දහවල් රෝහල් ගතකොට ඇතැයි කිලිනොච්චිය රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 04 April 2023
විදුලි ගාස්තු සියයට 30 කින් අඩු කළ යුතුයි විදුලි ඉල්ලුමේ අඩුවීම, ඩොලරයේ අගය අඩුවීම සහ ඉන්ධන සහ ගල් අගුරු පිරිවැය අඩුවීම හේතුවෙන් විදුලි ගාස්තු ද ඊට සමගාමීව අඩු කළ යුතු බවත් ඒ අනුව විදුලිගාස්තු සියයට 30 කින් අඩුකිරීමේ හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (4) පැවසීය. 04 April 2023
වෘත්තීය සමිති නායකයන්ගෙන් වත්කම් බැරකම් ඉල්ලයි වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් මේ වන තෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය . 04 April 2023
පොලී අනුපාත වෙනස් කරන්නෑ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගෙන යාමට අද (04) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. 04 April 2023
අවුරුද්දට ඉන්ධන පොම්පේ වැඩිපුර අරී අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 04 April 2023
නව ප්‍රතිත්‍රස්ත පනත ජනපීඩක-වහල් බව ප්‍රචලිත කරන පනතක් 1979 ගෙනා පැරැණි ත්‍රස්තවාදී පනතට වඩා නව ප්‍රති ත්‍රස්ත පනත දරුණු ජනපීඩක පනතක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. 04 April 2023
කෝටි 30ක සිගරැට් ලක්ෂ 30ක් මාට්ටු ඩුබායි සිට ශ්‍රී ලංකාවට නීති විරෝධීව ආනයනය කළ රුපියල් කෝටි 30 ක් පමණ වටිනා සිගරැට් ලක්ෂ 30 ක් භාරයට ගත් බවත් එම සිගරැට් තොගය ගෑස් ලිප් යැයි පවසමින් ආනයන කර තිබූ බවත් ශ්‍රී ලංකා රේගුව පැවසීය. 04 April 2023
කෝටි 1000ක දුම්රිය එන්ජින් කැලේට යවලා දුම්රිය දෙපාර්තමේන්තුවට පසුගිය කාලයේ ගෙන්වන ලද එම් 11 දුම්රිය එන්ජින් එකොළහෙන් දැන් වැඩකරන්නෙ දෙකක් පමණක් බවත් එම එන්ජින් ගෙන්වීමට කෝටි දාහක් වැය කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 April 2023
මහින්දානන්දගෙන් පාරිභෝගිකයකට දොස් ආණ්ඩුව මොන සහන දුන්නත් වෙළඳ මාෆියාව විසින් එය සහන ජනතාව අතරට රැගෙන යන්නේ නැතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 April 2023
යළි මහ ගෙදරට එනවා නම් බැරි බර බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායම යළිත් පක්ෂය හා එක්වන්නේ නම් ඔවුන්ට ඇමති තනතුරු අත්හරින්නට සිදුවන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 04 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026