(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කීය.
මේ වන විට උසස් පෙළ - 2022 විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු සාර්ථකව සිදුකරන බවද විද්‍යා විෂයන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම ජුනි මස මැද දී ආරම්භ කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
පිළිතුරු පත් ඇගයීම සඳහා ගෙවනු ලබන දීමනාව ඉහළ දැමීමට භාණ්ඩාගාරයට ඉල්ලීමක් කර තිබෙන බවද අනුමැතිය හිමිවූ පසුව ඒ සඳහා පියවර ගන්නා බවද ජයසුන්දර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ගාස්තු වැඩි කරන්න තවම අවසර නැහැ . ගුරුවරුන් රවට්ටලා ද උත්තර පත්‍ර බලන්නෙ . හරිම අපූරුයි .විද්‍යා ගණිත තවම පටන් ගෙනත් නැහැ . පටන් ගන්න පුළුවන් වේවි ද දන්නෑ . ප්‍රතිඵල අගෝස්තුවේදී දෙන්නේ කොහොමද .
ප්‍රතිඵලයක් දෙන්න ඉස්සර වෙලා ප්‍රායෝගික පරීක්ෂණ තියන්න ඕන නේද .මේ වනතුරුම ඒගැන කිසිම දෙයක් වෙනවා කියලා පේන්නෙ නැහැ ඒ අතර පිළිතුරු පත්‍ර බැලීමේ අරගල තියෙනවා කියලා අහන්න ලැබෙනවා