
(රංජිත් කරුණාවිර)
මගේ ගමේ මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම් වෙලා ඉන්නවා යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසයි.
රටේ අර්බුදයක් අහේනියක් තියෙනවා කියලා රජයට මිහින්තලේ පොසොන් සැමරුම මග ඇර ඉන්න බෑ. මේ සිද්ධිය ලෝකයට ගියාම අපිට ලොකු අපකිර්තියක්.
මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බවට රජයේ වගකිවයුතු නිළධාරින් පැවසීමත් සමඟ පොසොන් උත්සවය සංවිධානය කර ගැනිම වෙනුවෙන් ආධාර එකතු කර ගැනිම වෙනුවෙන් මහ සඟරුවන පිඬු සිඟා වැඩිම සම්බන්ධයෙන් ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් මේ බව පැවැසීය.
ආදිවාසී නායක වන්නිලා ඇත්තන් අදහස් දකවමින් මිහින්තලාව කියලා කථා කරන්නේ මේ රටේ ලොකු ඉතිහාසයක් තියෙන, බුදු රජානන් වහන්සේගේ නිර්මල දහම මේ රටට ඉස් ඉස්සෙල්ලාම රැගෙන ආපු ස්ථානය.
දන්න ඉතිහාසයක් ඉදලාම මිහින්තලාවේ පොසොන් පෙරහර, පොසොන් උත්සවය සැමරුම සමරනවා. මම දන්න විදියට ඒක මේ රටේ ඉතිහාස ගත වේච එකක්. හැබැයි මේ අවුරුද්දේ එතැන ලොකු අර්බුදයක් තිබෙනවා. මට මේ දිනවල දැනගන්න ලැබෙනවා දකින්න ලැබෙනවා මිහින්තලාවේ නායක ස්වාමින් වහන්සේ ලොකු කරදරයකට පත් වෙලා ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේ ගැන නායක ස්වාමින් වහන්සේට වැඩියෙන් ආන්ඩුවට ලොකු වගකීමක් තියෙනවා. මේ රටේ බුද්ධශාසන අමාත්‍යාංශයක් තියෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයක් කියලා එකක් තියෙනවා. ඇත්ත වශයෙන්ම රටේ අර්බුදයක් අහේනියක් කියලා එකක් තියෙනවා. එහෙම තිබ්බා කියලා රජයට ඒ ගැන නොසලකා ඉන්න මග ඇර ඉන්න බැහැ.
මම දැක්කා නායක ස්වාමින් වහන්සේ දානයට පිඬු සිඟා වඩිනවා. මේක රටක් හැටියට ජාතියක් හැටියට අපට ගැලපෙන දෙයක් නෙවෙයි. මේ රටේ තියෙන ආන්ඩුව විදියට ඒ ගැන සොයලා බලන්න ඕන. එහෙම සොයා බලලා මේ වගේ වටිනා උත්සව වටිනා අවස්ථා ආරක්ෂා කිරිම ආණ්ඩුවට තියෙන වගකීමක්
අමාරුවෙන් හරි කීයක් හරි එකතු කරලා හෙට දවසේදී එම මුදල් නායක ස්වාමින්වහන්සේට බාර දෙන්න සූදානමින් ඉන්නවා “ යැයි පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩට කෑවා නම් ඒක බඩට වත් තියෙයි.
අර සුද්දා ගෙන් ඔයාලාගේ දඹානේ අය ගසා කාපු විදිය යුටියුබ් එකෙන් ලෝකෙටම ගිහිල්ලා වෙච්ච අපකිර්තිය ගැන ඔබතුමා මොකක්ද කියන්නේ...
කාංචන, ඔබගේ කඩිනම් අවධානය පිනිසයි!!!!!
අනේ වන්නිල ඇත්තෝ ඔයත් මේ බහු භූත රැල්ලට අහුවෙලා මෝඩ වැඩ කරන්න එපා . හැබෑවටම බුදු දහමට යම් ගරුත්වයක් ඇත්නම් ඔය පළාතේම ඉන්න අහිංසක දරුපවුල් කීපයකට සතියකට කන්න බඩු මුට්ටු ටික අරගෙන් දෙන්න. එකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් වෙනවා . මිහින්තලේ කොහොමත් ලයිට් තියෙනවා . නිකරුනේ විදුලි පහන් ලක්ෂ ගණනක් දල්වලා මොහොතකට යම් පිරිසකට ආතල් එක්ක දෙනවට වඩා ඔය කලින් කියපු දේවගේ ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක් කලොත් අන්න ඔබ බුදුන් වසහ්න්සේ දේශනාකළ උතුම්වූ දර්ශනය අනුගමනය කල තැනැත්තෙක් වනවා .
මේ අහිංසක ආදි වාසීන් පවා බුද්ධාගමට ඇති ලැදියාව සහ කැක්කුම අපේ ඇමතිලාට තියනවද ?
ඒ කියන්නෙ ආදී වාසීනුත් සල්ලි හම්බ කරලා කඩෙන් අරන් තමයි ජීවත් වෙන්නේ. එතකොට ඇයි මේ දඩයම් කරන්න අවසර ඉල්ලන්නේ?