IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපති ලේකම්ගේ නිවසට පැන්න අයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පානදුර පිංවත්ත නිවසට අද  (30) දහවල්  ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකු පින්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු නිවසේ තාප්පයෙන් පැන වත්තට ඇතුලු  වන අයුරු  එහි ආරක්ෂක  කටයුතු  සදහා  අනුයක්ත කර  පොලිස් නිලධාරියකු  දැක ඔහු අල්ලා ගත් අවස්ථාවේ සැකකරු පොලිස් කොස්තාපල්වරයා සමග  පොරබදා  පලාගොස් ඇත.

මෙම පොලිස් නිලධාරියා විසින් සිද්ධිය පින්වත්ත පොලිසිය  වෙත  කළ දැනුම් දීමකට අනුව පොලිස් කණ්ඩායමක් පැමිණ  අවට සෝදිසි මෙහෙයුමක් සිදුකර පාළු නිවසක සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි (25) හැවිරිදි තරුණයකු බවත්, ඔහු තදින්ම මත්කද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින බවද පොලිසිය පවසයි.

මොහු සොරකම් කිරීම සදහා මෙලෙස ඇතුලු වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට  හෙට  (31)  ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 පිංවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ජනපති ලේකම්ගේ නිවසට පැන්න අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site