ත්‍රිවීලර් ජාවාරමුන්ට වැඩ වරදී සොරකම් කරන ලද ත්‍රිරෝද රථවල චැසි හා එන්ජින් අංක වෙනස් කර මෙන්ම පාට හා හැඩතල වෙනස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ තිදෙනෙකු යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 06 April 2023
මෝදර මයියා මත්කුඩු සමඟ අල්ලයි හරක් කටා සහ පානදුර සළිදු නමැත්තන් සමග මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් තරංග නැමැත්තාගේ මස්සිනා බව කියන මෝදර මය්යා නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු හෙරෝයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂයකට ආසන්න ජාවාරම් මුදල් සමග අත්අඩංගුවට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි . 06 April 2023
රුමේනියාවට නව තානාපති කාර්යාලයක් රුමේනියාවේ නව තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී පැවසූහ. 06 April 2023
‘අයිතිකරුවන් නැත්නම් කළුබෝවිල තැනක් නෑ‘ කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන නාඳුනන හා අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු අද (06) සිට එහි මෘත ශරීරාගාරයෙන් තාවකාලිකව භාර නොගැනීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහල පවසයි. 06 April 2023
පැමිණිල්ලක් විභාග කරද්දී පැමිණිලිකරු මරුට කළුතර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටීයදී පැමිණිලිකරු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි . 06 April 2023
මඩ පෝර ගන්න කාලයක් රජය විසින් නොමිලේ දෙන මඩ පොහොර හෙවත් TSP පොහොර මෙතෙක් ලබා නොගත් සියලුම ගොවීන් අප්‍රේල් 10 ට පෙර ඒවා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටී. 06 April 2023
හිරු රැස් දැඩි වෙයි සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඊයේ (5) සිට ආරම්භ විය. 06 April 2023
රන්බඩු-ලැප්ටොප් සොරකම් කළ හිටපු රාජ්‍ය සේවකයාට වැඩ වරදී දිවා කාලයන්හි නිවෙස් වල දොරගුලු කඩා ඇතුලුවී රන් භාණ්ඩ හා ලැප්ටොප් පරිඝනක හා ජංගම දුරකතන සොරාගන්නා හිටපු රාජ්‍ය සේවකයෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 06 April 2023
විරෝධතාවකට ගිය පී.සී ගේ වැඩ තහනම් ජල , විදුලි බිල් වැඩි කිරීමට එරෙහිව අම්පාර ගොනාගොල්ල හන්දියේ පැවති ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට එක්ව සිටී පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි 06 April 2023
පිසූ බත් වැඩියි කියා දියණියගේ මුහුණ පුච්චලා ක්‍රියාත්මක වෙමින් තිබූ රයිස් කුකුර් එකෙහි පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිලිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි . 06 April 2023
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් එස්ටීඑෆ් දැලේ හෝමාගම ප්‍රදේශයෙන් සිදුවූ වෙඩි වෙඩි තැබීමකට සහ අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි ’’අතුරුගිරියේ ජෙරම්’’ නමැත්තා විශේෂ කාර්ය බළකාය මඟින් අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත. 06 April 2023
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (6) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 April 2023
අ‘පුර රෝහලේ දොස්තර නවයක් සේවය හැර ගිහින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් නවදෙනකු සේවය හැරගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 05 April 2023
රට රැකියා දෙන්න මුදල් ගැරූ හොර වෙදා මාට්ටු වෙද නලාව දමාගෙන වෛද්‍යවරයෙ ලෙස හඳුන්වා රට රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 05 April 2023
නිකම් ලැබුණු වෛද්‍ය උපකරන ගන්න පිනක් නෑ එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට සමාජ සේවා කටයුතු කරන පිරිසක් එක්ව පිහිටුවාගෙන ඇති ‘‘සිල්වියා ලංකා පදනම’’ මගින් මෙරටට පරිත්‍යාග කළ ඇමරිකානු ඩොලර් කෝටි 12 ක් පමණ වටිනා (රුපියල් කෝටි 300 කට අධික) නවීන පන්නයේ වෛද්‍ය උපකරණ තොගයක් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අහිමිවීමේ අවදානමක් මතුව ඇත. 05 April 2023
කෝටි නවයක කුඩු නාවික හමුදාවට කොටු ඩව් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 92 ට අධික වටිනා හසීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයන් තිදෙනකු තලෙයිමන්නාරම මුහුදේදී ,අද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 05 April 2023
සම්බාහන සේවිකාට කැත වැඩක් කළ තුනක් මාට්ටු රූමත් සම්භාහන සේවිකාවගේ නවාතැන්පොලට ඇතුළු වී උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ඇයගේ අත් පා ගැට ගසා ලිංගික අතවර කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු සහ සැලසුම්කරු වන ඇය සේවය කරන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 05 April 2023
වැඩි ආරක්ෂාවට කොට්ටේ යට හැංගූ ලක්ෂ 15 හොරු අරන් නිදන කාමරයේ ඇඳේ කොට්ටය තුළට දමා පරිස්සමට තබා තිබූ රුපියල් පහළොස් ලක්ෂ අනූ දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට එම මුදල් අයිතිකාර කාන්තාව වේයන්ගොඩ පොලීසියට පෙරේදා (4) පැමිණිල්ලක් කර ඇත. 05 April 2023
52 වැනි විරු සමරුවෙන් ජනතා විමුක්ති පෙරමුණ 52 වැනි වරට සංවිධානය කළ අප්‍රේල් විරු සමරුව ‘‘සදා සමරමු සොහොයුරෝ’’ මැයෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී ඊයේ (5) පස්වරුවේ පැවැත්විණ. 05 April 2023
පළාත් හයක ගුරු පුරප්පාඩු පුරවන්න යයි පළාත් සභා හයක ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 05 April 2023
ගංගාරාමයෙන් වියලි අහාර පාර්සල් ආර්ථික අපහසුතාවෙන් පෙළන මෙරට පවුල්වලට චීන බෞද්ධ ජනතාව පිරිනැමූ වියළි ආහාර තොයක් අඩුආදායම්ලාභී පවුල් 650කට බෙදාදීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (05) සිදු විය. 05 April 2023
වයිටාට ලිපියක් ලියා ස්වාමියා අවසන් ගමන් යයි “වයිටෝ මට සමාවෙයන්, උඹ විතරයි මගේ තනියට හිටියේ” කියා ලිපියක් ලියා තබා කාමරයේ එල්ලෙමින් තිබූ බව කියන තරුණයකුගේ දේහය ඉවතට ගැනීමට ඉඩ නොදී බුරා වැටෙමින් වයිටා රැකවල්ලාගෙන සිටි බව කියන සිද්ධියක් පෙරේදා 4 මීරිගම, පිරිස්යාල ප්‍රදේශයෙන් වාර්තා විය. 05 April 2023
බාප්පා වෙන් කළ අත රෝහලෙන් හයි කරයි කෑගල්ල අලපලාවල නිලපලාගම්මන ප්‍රදේශයේ තරුණියකට බාප්පා මන්නයකින් වම් අත සම්පූර්ණයෙන්ම වෙන් වන සේ කොටා තිබියදී කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් අත සාර්ථකව බද්ධ කළේය. 05 April 2023
ලංකාවේ තරුණයන්ට කොරියාවෙන් ඉල්ලමක් ශ්‍රී ලාංකික තරුණයන් වෙනුවෙන් වැඩි රැකියා අවස්ථා ලබා දීමට දකුණු කොරියාවේ ප්රමුඛ පෙළේ සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) තීරණය කර ඇත. 05 April 2023
ලංකාවේ ආර්ථිකය ටික ටික හරි මඟට ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී මන්දගාමී ලෙස ධනාත්මක ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීම ආරම්භ කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත. 05 April 2023
රූපවාහිනී වැඩසටහන් අසූවක් පිනට කරලා ගාස්තු අය කිරීමකින් තොරව වැඩසටහන් 80 ක් විකාශනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී අහිමිව ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 05 April 2023
කෘෂි උපාධි ආයතනයේ අක්‍රමිකතා රැසක් එළියට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු තුනක 2021 වර්ෂයේදී ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 05 April 2023
බත් - කොත්තු මිල බහියි බත් පාර්සලය, කොත්තු රොටි සහ ෆ්‍රයිඩ් රයිස් යන ආහාරවල මිල සියයට 20 කින් ද, තේ එකක මිල රුපියල් 10 කින් ද, අඩු කරන බවත් එම නව මිල අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (5) පැවසීය. 05 April 2023
තුන්වෙනි බිත්තර නැවත් එයි ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ඊයේ (4) රාත්‍රී ළගා වූ බවත් මෙම බිත්තර තොගයත් සමඟ බිත්තර ලක්ෂ 40 ක් මේ වන විට ආනයනය කර ඇති බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 April 2023
පී.සී මත්කරල් සමග මාට්ටු කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයකු මත්කරල් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත. 05 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026