රාජිතගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි? සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. 08 April 2023
නව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු නව කැබිනට් මණ්ඩලය සිංහල අලුත් අලූත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 08 April 2023
මිදිගම හෝටල් හිමියා ඝාතනයට දෙදෙනෙක් අල්ලයි මිදිගම සංචාරක හෝටල් හිමියෙකු සිය හෝටලය ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු වැලිගම දී විශේෂ කාර්ය බලකායේ දකුණු පලාත් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. 08 April 2023
ගිනි අවි පහක් සමග හතරක් මාට්ටු මෙරට නිෂ්පාදිත ගිනි අවි 5ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන පුද්ගලයෝ හතර දෙනෙක් උහන ,අඹන්පොල, කිලිනොච්චිය සහ මල්ලාවි යන පොලිස් ස්ථාන මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 08 April 2023
කාලගුණය ගුවන් ගමන් ප්‍රමාද කරයි කටුනායක අවට පවතින දැඩි වර්ෂාව නිසා ගුවන් තොටුපළෙන් පිටත්ව යන සහ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා කීපයක ප්‍රමාද වීම් සහ අවලංගු කිරීමට ඉඩ ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ පවසයි. 08 April 2023
කාලගුණය ටික ටික සැරවේ බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (8) දිනයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 April 2023
මැංගුස් සටන කොඩි දැමූ සිසුවා කණුවකට යටවේ බිග් මැච් එකට ගාලුපාරේ ධජ එල්ලීමට ගොස් සිටී තරුණයකු අඩි 50 ක් පමණ උසැති කොඩි කනුවක් ශරීරය මතට වැටී බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. 08 April 2023
ප්‍රදේශ කීපයක් මත් කළ කතක් මාට්ටු මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක මත්කුඩු හා මුදල් තොගයක් සමඟ ගෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 08 April 2023
බීමත් රියදුරන් අල්ලන පරීක්ෂණ කට්ටල 170,000ක් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය පදවන්නන් නීතියේ රැහැනට කොටුකරගැනීමට රට පුරා පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කට්ටල 170,000 කට ආසන්න සංඛ්‍යාවක් බෙදීම ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 07 April 2023
බ්‍රිතාන්‍ය යුවලට සුද්දයක් දුන් අයෙකු අත්අඩංගුව බ්‍රිතාන්‍ය ජාතික අඹුසැමි යුවලකගේ විදෙස් ගමන් බලපත් දෙකක්, මුදල් ඇතුළු රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කල සැකකරුව පැමිණිල්ල ලැබී පැය 24 ක් ගතවන්නට මත්තෙන් අත්අඩංගුවට අද (07) ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි. 07 April 2023
වාද්දුවේදී දුම්රිය දෙදරු පියෙක් බිලි ගනියි අලුත්ගම සිට පොල්ගහවෙල බලා ගමන් ගන්නා මන්දගාමී දුම්රියේ අද (07) පස්වරුවේ ගැටුන දෙදරු පියෙකු මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි . 07 April 2023
ත්‍රිකුණාමලය රාත්‍රී දුම්රිය 2ක් අවලංගු කරයි ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේ අද (7) රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී දුම්රිය දෙක අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 April 2023
බේරුවල ප්‍රා.සභා හිටපු මන්ත්‍රීගේ බිරිදට පිහියකින් ඇනලා බේරුවල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී සමිත කවිරත්න මහතාගේ බිරිද පිහිපහරවල් කිහිපයකට ලක්ව අද (07) රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසයි. 07 April 2023
කොල්ලුපිටියේදී සුපිරි මොටර් රථයක් පෙරළී ගිනිගනියි ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ මං තීර වෙන්කරන මැද පිහිටි බැම්මෙහි ගැටී අද (07) සවස සිදු වූ අනතුරින් මෝටර් රථය ගිනිගෙන විනාශ වී ඇතැයි කොල්ලුපිටිය පොලීසිය පවසයි . 07 April 2023
ෂාරුක් ඛාන් ලොව බලවතුන් අතර බලවතා වෙයි ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව ඇත. 07 April 2023
ලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයි ශ්‍රී ලංකාව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළ යුතු බවත් යෝජිත නව පනත් කෙටුම්පතෙන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එහි දුර්වලතා මග හරවා ගනිමින් නව පනතක් හඳුන්වා දෙන බවට ලබා දුන් පොරොන්දුව කඩ වන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා ඇත. 07 April 2023
තන්තිරිමලේදී බසයක් තිරික්කල් 5ක ගැටී අයෙක් මරුට තන්තිරිමලය - ඔයාමඩුව මාර්ගයේ, තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි මානෙල් වැවේ, වෑකන්ද මත දී බැතිමතුන් පිරිසක් ගමන් ගමන් කල තිරික්කල් 4ක්, සුඛෝපබෝගී බස්රථයක ගැටී අද (7) සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව කුඩා දරුවෙකු ඇතුළු තවත් සිව් දෙනකු තුවාල ලබා ඇති බව තන්තිරිමලය පොලිසිය පවසයි. 07 April 2023
අවුරුදු දින දෙකේ ’’බාර්’’ වහලා අවුරුදු දින දෙකේදී (13 සහ 14) රටපුරා සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 07 April 2023
එක්ස්ප්‍රස් පර්ල් වන්දියට ’’බකට්’’ එකක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය ගණනය කිරීම සඳහා නැව අසලට යෑමට නොහැකිවීම හේතුවෙන් එම පරිසර හානිය සම්බන්ධයෙන් වන්දි ගැනීමට පවරා ඇති නඩුවේදී ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් ඇති වනු ඇතැයි පරිසරය පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. 07 April 2023
ප්‍රා.ලේගෙ අවසරයෙන් පේරකයේ ගස් කපලා විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පේරක කලාපයට අයත් කළාඔය නිළබැම්ම ප්‍රදේශයෙ පිහිටි දැවැන්ත ගස් කැපූ සැකකරුවන් අට දෙනකු ඊට යොදාගත් සමග යන්ත්‍ර සුත්‍ර තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කරුවගස්වැව අඩවි වනජීවි කාර්යාලකියයි. 07 April 2023
ව්‍යාපාරිකයාට පහරදි ලොරියත් සල්ලිත් පැහැර ගනී ඉස්සන් ව්‍යාපාරිකයකුට පහරදී ඔහු සතු කුඩා ලොරි රථය අද උදෑසන කොල්ලකා පලාගොස් ඇතැයි මැර කණ්ඩායමක් සොයා පරීක්ෂණ සිදුකරන බව පයාගල පොලිසිය පවසයි . 07 April 2023
’’අවුරුදු දීමනාව පොලිස් ලොක්කන්ට නෑ’’ සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල මෙවර පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිට ඉහළ නිලධාරීන්ට ලබා නොදීමට පොලිස්පති වරයා පියවර ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. 07 April 2023
දුම්රියක් අග්බෝපුරදී පිලී පනී ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැන ඇති බවත් එහිදී දුම්රිය නියාමකයන් දෙදෙනා සහ මගීන් කීපදෙනෙක් තුවාල ලබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 April 2023
පොදු ගොඩනැගිලි-සිද්ධස්ථානවලට ‘සූර්ය පැනල’ රජයේ පොදු ගොඩනැගලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රජයේ ගොඩනැගිලිවලින් සියයට 90 ක පමණ මැනුම් කටයුතු අවසන් කර ඇති බවත් සියලු මැනුම් මේ මස 15 වැනිදාට පෙර අවසන් කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 07 April 2023
හොරෙන් ලංකාවට එන්න හැදූ ඉරාක පිය-පුතු පිටුවහල් කරයි යුරෝපයට පැන යාමේ අදහසින් කූඨ ලෙස සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07) යළි පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ . 07 April 2023
කොරියා තානාපති ජනපති හමුවෙයි සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 07 April 2023
මහා සිකුරාදා අදයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ‘මහා සිකුරාදා’ දින සැමරීම සඳහා රටපුරා දේවස්ථානවල දේව මෙහෙය සහ වැඩසටහන් අද (7) පෙරවරුවේ ශු. කාර්මෙල් දේවමාතා දේවස්ථානයේදී පැවැත්විණි. 07 April 2023
වෘත්තීය පුහුණුවේ අරුමපුදුම ගෙවීම් ගැන හෙළිදරව්වක් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරුන් කිසිදු අමතර දීමනාවක් හෝ මූල්‍යමය ප්රතිලාභ නොගත යුතු බවට චක්‍රලේඛ විධිවිධානවල සඳහන්ව තිබියදී ඊට පටහැනි ලෙස හිටපු සභාපතිවරයකුට 2020 වර්ෂයේදී ඉන්ධන දීමනා ලෙස රුපියල් හාර ලක්ෂයකට වැඩි මුදලක්ද බාහිර ගමන්බිමන් ආහාර සහ හෝටල් ගාස්තු වශයෙන් තවත් ලක්ෂ 4 කට වැඩි මුදලක්ද ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 07 April 2023
පෙර පාසල් ටීච ගෙල කපා මරලා පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා අද (07) උදෑසන ඝාතනය කර ඇතැයි පේරාදෙණිය පොලීසිය කියයි. 07 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026