IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් රස්තියාදු කළ නිලධාරීන්ට වැඩ වරදී

 

(අංජුල මහික වීරරත්න)

ලෝක පූජිත අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ පැය 12ක් රස්තියාදු කිරීමට වගකිවයුතු නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් 31 වැනිදා අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටිය ද උන්වහන්සේ නියමිත ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය දොළහකට අධික කාලයක් එහි රස්තියාදු වීමට සිදු වූ අතර පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්කර යවා තිබිණි.

අදාළ සිද්ධිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සැලවීමෙන් අනතුරුව ඒ ගැන සොයා පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.

ලෝකයම පිළිගත් මහා තෙර නමකට සිදු වූ අපහසුතාවය වෙනුවෙන් කනගාටුව පළ කරන බවත් ඊට වගකිව යුත්තන්ට විනය පියවර ගැනීමට තමා දැනුම් දුන් බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.

 



අදහස් (10)

අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් රස්තියාදු කළ නිලධාරීන්ට වැඩ වරදී

ලසන්ත Thursday, 01 June 2023 09:18 PM

අපොයි ඕක මහ ලොකු දෙයක් නෙමෙයි! උන්වහන්සේ උපෙක්ෂා සහගතව සිතා මේ වනවිටත් අමතක කරලා ඇති. අගමැති ඇතුළු සෙට් එක කරදරයක් නැතිව වැඩම කරපු එකම කොයිතරම් දෙයක්ද? සමහර විට වගකිවයුතු නිලධාරීන් සිතාමතා පවුකාරයින්ගෙන් උන්වහන්සේව වෙන්කර වෙනත් අහස් යන්ත්‍රයකින් යවන්ට ඇති. කවුද දන්නේ මොන හෙන පාත්වෙයිද කියලා?

:       0       7

විජිත් Thursday, 01 June 2023 09:22 PM

එතකොට බොරලුගොඩට මොකද කරන්නේ? යමක් කමක් කරගන්න බැරි, නෝන්ජල් නිලධාරියෙක් මේ කේස් එකට දංගෙඩියට යවයි. බැංකු හොරාගේ ලේකම් කාරයා මේ ගැන ශෝකය පලකරලාලු. අජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ මනස ගොඩක් දියුණු කරපු උතුම් යතිවරයෙක්. සමහරවිට, උන්වහන්සේට අවශ්‍ය වුණානම් මේ හොර රංචුවට වැඩක් පෙන්වන්න වුණත් හැකියාව ඇති. උන්වහන්සේ හිතන්න ඇති..." මේ හිඟන හැත්තට පාඩමක් උගන්වන්න ගිහින් මම ඇයි පව් පුරවාගන්නේ.. ඔන්න ඔහේ ගියාවේ" කියලා. අද වගේම හෙටත් ...ශ්‍රී ලන්කන් ගුවන් සේවය තමන්ගේ අශෝභන, අසික්කිත, ක්‍රමවේදයන් දිගටම කරගෙන යාවි.

:       0       10

G. K. Ekanayake Friday, 02 June 2023 12:01 AM

මොන විනය පියවරද? නිලධාරින්ට කලින් අනික් අය ප්‍රමාද කරලා ඒ වෙලාවේ රට ගිය දේශපාලුවන්ට විනය පියවර ගන්න. මේක මෙතැනින් ඉවරයි. අපි නොදන්නා ලංකාවේ විනය?

:       0       8

කිරිපුතා Friday, 02 June 2023 12:37 AM

රුසියානු ගුවන්යානාවට කළ වැඩේ දෙවෙනි කොටස මේ. රාජකාරි කරන අමුතු පොරවල් ටිකක් ඉන්නවා වගේ මොනම හේතුවක් හරි මුල් කරගෙන රටට අපකීර්තියක් ගේන්න සහ ප්‍රශ්න ඇති කරන්න...

:       0       5

බී අමරසිංහ Friday, 02 June 2023 03:14 AM

නිලධාරීන් එහෙම කළේ කවුරු නිසාද? දේශපාලකයින්ට නම් දඬුවම් එපා...

:       0       3

බී. එම්. ආර්. බස්නායක Friday, 02 June 2023 06:17 AM

රාජ්‍ය ආයතනවල වැඩකරන ගොඩක් අප්පුහාමිලා/ හාමිනේලා ලෝකෙ, රටේ වැදගත් මිනිස්සු ගැන දැනීමක් ඇති අය නොවේ...

:       0       8

wedage Friday, 02 June 2023 09:52 AM

අගමැති ඇතුළු අනිත් පිරිස තමයි වගකිව යුත්තෝ...!

:       0       27

රට වැසියා Friday, 02 June 2023 11:05 AM

අපේ රට ගැන නම් කථා කරල වැඩක් නැ! ගුවන් තොටුපල කියන්නේ රටේ තියෙන එපාම කරපු ආයතනයක් - මේවා විකුනල හරි මනුෂ්‍යයන්ට සේවය කිරීමට සුදුසු ආයතන බවට පත් කරන්න!

:       0       6

Rata Perata Friday, 02 June 2023 12:08 PM

අනේ මොවුන්ගේ පරීක්ෂණ? හොරෙන් බඩුගේන ඇමැතිලත් යහතින් තියාගෙන ඉන්න පිනාධිපති... දුර්වල නායකයින් පත් වුණාම ඔහොම තමයි.

:       1       17

Siri Friday, 02 June 2023 02:20 PM

බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් මහණදම් පුරන්නට තීරණය කළේ ධර්මය ගැන පැහැදීම නිසා මිස මහණවෙලා දායකයින්ගේ උදව්වෙන් රජ මාලිගා තනාගෙන රජ සැප විඳින්න නෙවේ. උන්වහන්සේ ලොවපුරා ධර්මප්‍රචාරක කටයුතුවල නියැලී ඉන්නා කාගේත් ගෞරවාදරයට ලක්වූ භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ උපේක්ෂා ගුණය මැනවින් ප්‍රගුණ කර ඇති බැවින් අපේ සමහර භික්ෂුන් වහන්සේලා මෙන් මෙවන් අවස්ථාවකට මුහුණදීමේදී අනවශ්‍ය ආකාරයට කලබල වන්නට නැතුවා ඇති.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site