IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටි 20ක රන් ඉන්දියාවට පන්නන්න බැරි වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා ජාවාරම් කිරීමට ගිය රත්තරන් කිලෝ ග්‍රෑම් 32 ක් ඉන්දියානු වෙරළාරක්ෂකයින් සහ අදායම් දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශ නිලධාරීන් එක්ව සිදුකල මෙහෙයුම් දෙකකදී අත්අඩංගුවට ගෙන ඇත. 

එම රත්තරන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 20 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 70) ක් පමණ වන බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේය.

වෙරළාරක්ෂකයන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඉන්දීය මුහුදේ සිදුවන ජාවාරම් පිළිබඳ අවධානයෙන් සිට ඇත.

මණ්ඩපම් ධීවර  වාරය වෙත ළඟා වෙමින් තිබු සැක සහිත බෝට්ටුවක් පිළිබඳ අවධානය යොමු වී ඇති අතර එය පරික්ෂාකිරීමට යාමේදී එම බෝට්ටුව පළා ගොස් තිබේ.එම අවස්ථාවේදී එම බෝට්ටුවේ තිබූ රත්තරන් බාර් කිලෝ ග්‍රෑම් 11.6 මුහුදට විසි කර ඇත.

සාර්ථක හඹා යාමකින් පසුව රත්තරන් මුහුදට විසි කල බෝට්ටුව සහ එහි සිටි සැකකරුවන් තුන් දෙනකු ඉන්දීය බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.එසේම මුහුදට විසිකල රත්තරන් තොගයද ඉන්දීය වෙරළාරක්ෂක කිමිදුම්කරුවන් දින දෙකක් පුරා සිදුකල මෙහෙයුමකින් පසුව සොයා ගෙන ඇත.

දෙවැනි මෙහෙයුමේදී රත්තරන් කිලෝ ග්‍රෑම් 21.269 ක් සහ රැගෙන ආ බෝට්ටුවද එහි සිටි සැකකරුවන් දෙදෙනෙකුද ඉන්දීය බලධාරීන් මණ්ඩපම් හි වේදලායි ගම්මානයට දකුණු මුහුදේදී අත් අඩංගුවට ගෙන තිබේ.



අදහස් (3)

කෝටි 20ක රන් ඉන්දියාවට පන්නන්න බැරි වෙයි

prasanna Friday, 02 June 2023 02:55 PM

පක්ෂවලට කෙළ හලනවා ඇති...

:       0       0

Kule Friday, 02 June 2023 03:08 PM

නිදහසේ ලංකාවට ගෙනාව සැනින් නිදහසේ ඉන්දියාවට යවන්න.

:       0       0

wedage Friday, 02 June 2023 03:08 PM

ඉන්දියාවට පුළුවන් දේවල් ලංකාවට බැරිවෙයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site