(යොහාන් භාසුර )
රාත්‍රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කරමින් සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් 25, මුහුදු කූඩැල්ලන් 1068 ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා 7 ක් සහ කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.
උතුරු නාවික විධානයට අයත් මාමුනෙයි සහ චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩයන් මඟින් මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත් එහිදී එම මුහුදු ප්‍රදේශයේ රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සහ උපකරණ භාරයට ගත් බවත් නාවික හමුදාව සඳහන් කළේය.
භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 57 ත් අතර වයසේ පසුවන මන්නාරම, මුල්ලියාන්, කන්නයන්කාඩු සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් බවත් එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රා සහ උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දුන් බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නීති කඩා මාළු ඇල්ලූ 25 ක් උතුරු මුහුදේ දී අල්ලයි