
(අංජුල මහික වීරරත්න)
වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵලය අද සියලු රට වැසියන් භුක්ති විඳින බවත් 70%ක් දක්වා ඉහළ නැග තිබු උද්ධමනය 25.2% ක් දක්වා පහලට ගෙන ඒමට හැකිව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ජනතාවගේ ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතින අතර මුළුමහත් සමාජයටම එම සහනය දැනෙන්නට පටන් ගෙන තිබෙන බව ද කියා සිටියේය.
පැමිණි අසීරු ගමනේ දී සියලු දුෂ්කරතා විඳගත් රටේ සමස්ථ ජනතාවට සිය කෘතඥතාව පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගත් අතර මෙම මාර්ගයේ ඉදිරියටම යාමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් නිසැකවම රටට යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගත හැකි බව ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂ්කර ගමන ඉදිරියේදී තවත් දුෂ්කර වෙයි.
දේශපාලන කුලකෙට අමාරුව දැනුනේ නෑ මොකද එයලා හොරෙන් පඩි වැඩි කර ගත්තා ලගදි...
මම නම් කියන්නේ උද්ධමනය වැඩිවෙලා තිබ්බ කාලේ මීට වඩා බඩු මිල අඩුයි. දැන් උද්ධමනය අඩුයි. බඩු මිල වැඩියි. එක්කෝ මේ මනුස්සයාට කවුරු හරි කියලා දෙන්න ඕනෑ.. සංඛ්‍ය වාක්‍ය නෙමෙයි මිනිස්සුන්ට ඕනෑ ප්‍රායෝගික වැඩපිළිවෙලක් කියලා. බඩු මිල අහස උසට ගිහින්...
ස්තුති කරන්න ඉස්සරවෙලා කොන්දක් තියෙනවා නම් මේ තත්වයට පත්කළ මෝඩයින්ට දඬුවම් දීලා ඉන්න.
හැමදාම දුෂ්කරයි සහෝ තේරුම් ගන්න...!