IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආගම් ප්‍රශ්නය ආරක්ෂාවටත් ගැටලුවක්

(ඉන්දිකා රාමනායක)

ආගම්වලට අගෞරව වන පරිදි යම් යම් අය ප්‍රකාශ නිකුත් කිරීමෙන්  ආගම් අතර අනපේක්ෂිත ගැටළු ඇති විය හැකි බැවින්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙවැනි කාරණා සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවදානය යොමුව ඇති බවත්, විවිධ ගැටුම්වලට පාදක වන ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමුකර කඩිනමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවද හෙතෙම කීය.

විවිධ ගැටුම් වලට පාදක වන කරුණු,සහ ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී ඊට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන්නේ මේ ආකාරයේ කාරණා හේතුවෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

රට තුළ ගැටුම් ඇති වන අන්දමේ ආගම්වලට අගෞරව කරමින් ප්‍රකාශ නිකුත් නොකිරීම සෑම පුද්ගලයකුගේම වගකීමක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ ආකාරයේ ප්‍රකාශ සිදුකර ඒවා මුල්කරගෙන සමාජයේ යම් ගැටුම්කාරි තත්ත්වය හටගතහොත් එහි ප්‍රතිවිපාක ඔවුන්ට විදිය යුතු බවත්, කිසියම් ප්‍රකාශයක් කරන්නේ නම් රටේ නීතියේ සීමාවට යටත්ව ප්‍රකාශ සිදුකළ බවත්, නීතිය පරිබාහිරව යම් කිසි පුද්ගගයකු ඒ ආකාරයේ ප්‍රකාශ සිදුකරන්නේ නම් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (3)

ආගම් ප්‍රශ්නය ආරක්ෂාවටත් ගැටලුවක්

Akila Friday, 02 June 2023 07:53 AM

අර කස්සප කියන චිවරදරිය මේ දවස් වල සමාජ මදයෙන් මේ රටේ සිටිනා අන්‍ය ආගමිකයන් ට තර්ජනය කරමින් පොස්ට් දානව ,පුළුවන් නම් එම චීවර ඩරියට විරුද්දව නිතිය කියාත්මක කරලා පෙන්වන්න

:       6       8

නිහාල් Friday, 02 June 2023 08:35 AM

ආගම් ප්‍රශ්න ඇතිකරන්නෙ ඔයාලට "ඇක්ෂන්" කියන අයම තමයි

:       3       11

Ruwan R Friday, 02 June 2023 12:53 PM

එහෙමද කියන්න කිව්වේ...?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site