IMG-LOGO

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගෙන් මන්ත්‍රී විමල්ට එන්තරවාසියක්

(සුජිත් හේවාජුලිගේ )

" නවය: සැඟවුණු කතාව" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී එම ග්‍රන්ථයේ කර්තෘ  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තමා රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් සඳහා සහාය දැක්වූයේ යැයි කළ ප්‍රකාශය අසත්‍ය හා පදනම් විරහිත බව සඳහන් කරමින්  හිටපු යුද හමුදාපති සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික  ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින්  ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් වීරවංශ මන්ත්‍රීවරයාට එන්තරවාසියක්   යොමු කරනු ලැබ ඇත.

ඊට පසුව රූපවාහිනී වැඩසටහනක දී සහ තවත් අවස්ථා කිහිපයකදීද මන්ත්‍රීවරයා මේ ආකාරයට තමා සම්බන්ධයෙන් අසත්‍ය හා පදනම් විරහිත චෝදනා එල්ල කළ බව එම  එන්තරවාසියෙන් පෙන්වාදී ඇත.

තමා සහ ශ්‍රී ලංකා  යුද්ධ හමුදාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය මෙන්ම  පදනම් විරහිත බවත් පුරා වසර හතළිහකට ආසන්න කාලයක් මාතෘ භූමිය සහ ජාතිය වෙනුවෙන් කළ මෙහෙවර  දේශීය සහ විදේශීය වශයෙන් ලබාගත් ගෞරවය සහ කීර්ති නාමය මෙම ප්‍රකාශයෙන් හානි වන බවත්  ඔහු මෙම එන්තරවාසියේ සඳහන් කර ඇත.

මන්ත්‍රීවරයාගේ දේශපාලන අවශ්‍යතා  මුදුන්පත් කරගැනීම සඳහා මෙම අසත්‍ය චෝදනා හිතාමතාම නිර්මාණය කර තිබෙන බවද  එම එන්තරවාසියෙන් වැඩිදුරටත් කරුණු  පෙන්වාදී  ඇත.



අදහස් (6)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගෙන් මන්ත්‍රී විමල්ට එන්තරවාසියක්

Kumara Friday, 02 June 2023 04:03 AM

මෙයාට හොඳ කනේපාරක් දුන්නා නම් නරකද?

:       0       0

Nayan Friday, 02 June 2023 05:39 AM

මෙයාට පාඩමක් උගන්නන්නට යුද හමුදාවට හැකිවේවා...!

:       0       1

සල්ලි Friday, 02 June 2023 07:11 AM

දේශපාලන හාල් කෑලි ෆෝම් කිරීම හෙලා දකිමි .

:       0       5

prasanna Friday, 02 June 2023 01:00 PM

ඔයවගේ කෝටිගණන් ඉල්ලන එන්තරවාසි දහස් ගාණක් ලංකාවේ දැකලා තියෙනවා. ඕවා පුස්වෙඩි...

:       1       2

mahesh Friday, 02 June 2023 03:21 PM

ඊලග පාලිමෙන්තු මැතිවරනයට ශවෙන්ර්‍ද සිල්වා ඉදිරිපත් විමට අවශ්ය මුලික අඩිතාලම දමමින් පවති .තවත් එක් නට්‍යයක් පමනයි .

:       0       0

ගමේ එකාලා Friday, 02 June 2023 03:22 PM

විමලේ ලියන පොත්. අපිටත් ඕනතරම් දේවල් තියෙනවා විමලයා ගැන ලියනවානම්?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site