(සුජිත් හේවාජුලිගේ )
" නවය: සැඟවුණු කතාව" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී එම ග්‍රන්ථයේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තමා රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් සඳහා සහාය දැක්වූයේ යැයි කළ ප්‍රකාශය අසත්‍ය හා පදනම් විරහිත බව සඳහන් කරමින් හිටපු යුද හමුදාපති සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් වීරවංශ මන්ත්‍රීවරයාට එන්තරවාසියක් යොමු කරනු ලැබ ඇත.
ඊට පසුව රූපවාහිනී වැඩසටහනක දී සහ තවත් අවස්ථා කිහිපයකදීද මන්ත්‍රීවරයා මේ ආකාරයට තමා සම්බන්ධයෙන් අසත්‍ය හා පදනම් විරහිත චෝදනා එල්ල කළ බව එම එන්තරවාසියෙන් පෙන්වාදී ඇත.
තමා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය මෙන්ම පදනම් විරහිත බවත් පුරා වසර හතළිහකට ආසන්න කාලයක් මාතෘ භූමිය සහ ජාතිය වෙනුවෙන් කළ මෙහෙවර දේශීය සහ විදේශීය වශයෙන් ලබාගත් ගෞරවය සහ කීර්ති නාමය මෙම ප්‍රකාශයෙන් හානි වන බවත් ඔහු මෙම එන්තරවාසියේ සඳහන් කර ඇත.
මන්ත්‍රීවරයාගේ දේශපාලන අවශ්‍යතා මුදුන්පත් කරගැනීම සඳහා මෙම අසත්‍ය චෝදනා හිතාමතාම නිර්මාණය කර තිබෙන බවද එම එන්තරවාසියෙන් වැඩිදුරටත් කරුණු පෙන්වාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට හොඳ කනේපාරක් දුන්නා නම් නරකද?
මෙයාට පාඩමක් උගන්නන්නට යුද හමුදාවට හැකිවේවා...!
දේශපාලන හාල් කෑලි ෆෝම් කිරීම හෙලා දකිමි .
ඔයවගේ කෝටිගණන් ඉල්ලන එන්තරවාසි දහස් ගාණක් ලංකාවේ දැකලා තියෙනවා. ඕවා පුස්වෙඩි...
ඊලග පාලිමෙන්තු මැතිවරනයට ශවෙන්ර්‍ද සිල්වා ඉදිරිපත් විමට අවශ්ය මුලික අඩිතාලම දමමින් පවති .තවත් එක් නට්‍යයක් පමනයි .
විමලේ ලියන පොත්. අපිටත් ඕනතරම් දේවල් තියෙනවා විමලයා ගැන ලියනවානම්?