IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමරිකානු තානාපතිනිය හදිසියේ පාර්ලිමේන්තුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

 

ශ්‍රී ලංකාවේ ඇමරිකා  තානාපතිනී  ජූලි චංග් මහත්මිය පාර්ලිමේන්තු මහලේකම් ධූරයට පත් වූ කුෂානි රෝහණදීර මහත්මියට සුභ පැතීම සඳහා  පාර්ලිමේන්තුවට අද (2) පෙරවරුවේ  පැමිණියාය.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය  හමුවූ තානාපතිවරිය පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ශක්තිමත් කිරීම සඳහා නිරතුරුව සහය දෙන බව ප්‍රකාශ කළාය.

රෝහණධීර මහත්මියගේ පත්වීම කාන්තා ප්‍රජාවට මෙන්ම සියලු දෙනාටම  සතුටට කරුණක් බවත් ඇය අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව  කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඇමරිකානු තානාපතිවරිය  පැවසුවාය.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ  පාර්ලිමේන්තුවේ කාර්යභාරය පුළුල්වී ඇති බවයි.

පාර්ලිමේන්තුවේ නව කාරක සභා රැසක් ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය පාලන ක්‍රියාවලියට තරුණයින්ද  සම්බන්ධ කර ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත් ඇය සඳහන් කළාය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව  සහ සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමටත්  අදාළ පාර්ශ්වකරුවන් සමඟ එක්ව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සදහා කටයුතු කරන බවත්    මහලේකම්වරිය  වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (3)

ඇමරිකානු තානාපතිනිය හදිසියේ පාර්ලිමේන්තුවට

චන්දන Friday, 02 June 2023 07:22 PM

CIA මෙහෙයුම් ඉතා සාර්ථකව ඉදිරියට යනවා...

:       2       20

Sirisumana Thero Saturday, 03 June 2023 02:38 AM

පාලිමන්ට් එක නව කණ්ඩායමකට උපත දීම පාලනය කර ඇත

:       0       0

Demuni Uduwara Saturday, 03 June 2023 04:24 AM

අපේ පාලකයන් විසින්ම රට අබලන් කර ඇත, අනාගතයේදී රට යටත් විජිතයක් වනු ඇත!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site