
(විමුක්ති එස් රුද්‍රිගු)
ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය වුවද සියලු දෙනාම බදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍ය සියඹලාපිටිය මහතා තවදුරටත් පැවසුවේය.එසේම මෙය ලබන වසරේ මග හැරිය හැක්කේ කාටද යන්න පැහැදිලි කිරීමක්ද සිදු කළේය.
අනාගතයේදී සුබ සාධන ගෙවීම් මෙම බදු ලිපිගොනු අංකය මත පදනම් වන බවද සියඹලාපිටිය මහතා පැවසුවේය.
වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු කාණ්ඩ 14කට අයත් වෘත්තිකයන් ඊයේ (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.
දේශීය අදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලදි.
ගැසට් නිවේදනය අනුව ඕනෑම අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබා දෙයි නම් එම සේවකයන් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්.
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
- ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
- ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්.
- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්.
- ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයන්.
- ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයන්.
- ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්.
- මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයන් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර).
- 2018 අප්‍රේල් 01 දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් ඔප්පු පැවරීම මගින් මිලදී ගෙන ඇති හෝ උරුමය මගින් අත්පත් කරගත් පුද්ගලයන්.
- ඕනෑම අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබා දෙයි නම් එම සේවකයන්.
- පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගත් ඕනෑම පුද්ගලයෙක්.
- ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු
ගැසට් නිවේදනය අනුව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. ගැසට් නිවේදනයට අනුව, 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වන හෝ ඊට වැඩි පුද්ගලයන් සහ 2024 ජනවාරි 01 වැනිදා හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයන් ඉහත සඳහන් කළ කිසිඳු කාණ්ඩයකට අයත් නොවූවත් 2024 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය අදායම් දෙපාර්තමේන්තුව ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝයල් මෝඩයින්... බලන්න 18-20 කොල්ලෝ කන්නේ බොන්නේ කොහොමද කියලා... තව අරගලයක් නිර්මාණය කරන්න යන්නේ...
හොර දේශපාලුවන්ට සහ ඔවුන්ගේ හෙංචයියන්ට හිත්සේ හොරාකෑමට බදු ගෙවමුද? ගෙවන බදුමුදලට නියම වටිනාකමක් ගැනීමට නම් මේ හොර පාලකයින් එළවා දැමිය යුතුයි..
ප්‍රථමයෙන්ම, රටේ සම්පත් හා මුදල් හොරා කෑ දේශපාලකයින් නීතිය හමුවට පමුණුවා, එම මුදල් හා දේපළ නැවත භාණ්ඩාගාරය වෙත ලබා ගැනීමට කටයුතු කළ යුතුයි නේද කියලා මතක් කරන්න කැමැතියි. විපක්ෂයේ දේශපාලන පක්ෂ කුමක් කොට හෝ බලය අල්ලා ගැනීමට කටයුතු කරනවා වෙනුවට සැවොම සමගිව මේ ගැන ක්‍රියාකොට රටෙන් හොරාගත් මුදල් හා සම්පත් ලබා ගැනීමට කටයුතු කළයුතුයි. ඒත්, මේ රටේ ඉන්නේ, කටින් බතල හිටුවන අය බව පෙනේ...
මහබැංකු හොරුන්... කුඩු, කසිප්පු විකුණන අය... හොරෙන් ගස් සහ පස් කපන අය, කප්පන් කාරයින් එහෙම බදු ගෙවන්න ඕනෑ නැතිව ඇති...
මේ පින් ජනපතිට හිතුණු හිතුණු විදිහට බදු ගහන්න බඩුමිල වැඩි කරන්න සහ රටේ සම්පත් විකුණන්න කවුද අවසර දුන්නේ..?
අපිට මතකයි රිගේනින ්ශීු ලංකා, ඒ වගේ යහ පාලන කාලෙත් ඔය විදිහට ම 18 ට වැඩි හැමෝම ටම බදු ලිපි ගොනුවක් විවෘත කරන්න ගියා. මතකද? ඒ කාලේ තමා ඩොක්ටර් පාදෙනියා එහෙම ආවේ. ඊට පස්සේ බලය ගන්නම ඒවා හොද නැ කියලා බලය ගත්තා. දැන් .. ? මඩු වලිගයක් නැ ලග පාත ...
දේශපාලකයො මෙකට අයිති නැද්ද මිස්ටර් කුල්
පාර්ලිමේන්තුවේ නිකන් ඉදන් මහජනතාවගෙන් හම්බකරන් කන උන්ට කිසිම බද්දක් නැහැ.
මම මේ කොමෙන්ට් එක දාන කොට, මෙහි තිබුනේ පළමුවෙනි කොමෙන්ට් පහ පමණයි. ඒවායේ පලකල අදහස් අනුව, අපේ රටේ බහුතරයක් තවමත් ඉන්නේ ළිං මැඩි මානසිකත්වයටත් පහලින් කියලා තේරෙනවා. ටැක්ස් ෆයිල් එකකින් කෙරෙන්නේ කෙනෙකුගේ ආදායම පිලිබඳ ඇස්තමේන්තුවක් බලධාරීන් විසින් ලබා ගැනීමයි. ආදායමක් තියනවාද? බදු ගෙවිය යුතු තරම් ආදායමක් තියනවාද? ආදායමක් නැද්ද? රජයේ සහනාධාර ලැබීමට සුදුසුද? යන ප්‍රශ්න සියල්ලටම මෙයින් පිළිතුරු ලැබෙනවා.
මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ? රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි දූෂිත දේසපාලුවන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති ?
මොලේ කලඳක් වත් තිබෙනවා නම් ලක්ශෙට බදු ගහනවා ද? මුන් මිනිස්සු ද? ලමයි ට උගන්නලා, බිල් වලට, බේත් වලට, මග වියදමට ගියාම කන්න තියා ලෙව කන්න වත් ඉතුරුද? උසාවි යන්න හිරේ යන්න මිනිස්සුන්ට වෙන්නේ..ගෙවා ගන්න බැරිව.
එතකොට උඹල හොරා කාපු සල්ලි හොයාගන්න විදිහක් නැද්ද?
රීරි මාංශ ඔක්කොම උරාගන්න හදන්නේ.
බදු ලිපිගොනු කෝටියක් විවෘත කළත් වැඩක් නැහැ... ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්නේ හොරු නම්...
පරක්කුවෙලා හරිගත් ඉතාම හොඳ දෙයක්. හැමෝම ආදායම් රජයට වාර්තා කළ යුතුයි. ඒක අනිවාර්යයි. ගොඩක් රටවල්වල එහෙමයි. මේකේ වාසි තමයි, (1) ආදායම් වැඩි අයට බදු (2) ආදායම් ඉතා අඩු අය තෝරාගෙන සහනාධාර දෙන්න පුළුවන් (3) හැමෝගේම ආදායම වාර්ෂිකව වාර්තාකරණ නිසා, අසාමාන්‍ය අදායම් වැඩිවීම්, අක්‍රමිකතා හඳුනාගන්න පුළුවන් (3) අදායම්/ වියදම් cross-check කරන්න පුළුවන් නීති ගේන්න ඕනේ... වාර්තාගත නැති අදායම් හංගන්න බැරි වෙන්න. මේවා හැදෙන්න ටික කාලයක් යාවි. මේ පියවරවල් නැතිව ආර්ථිකය ගොඩ නගන්න බැහැ...
මේ අදහසට විරුද්ධ වන්නන් ගැන මට පුදුමයි... ඒ තරම් බුද්ධිය අඩුයිද ලංකාවේ මිනිසුන්ගේ? 1920 කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටියා අල් කැපොන් කියලා පාතාලයෙක්, පාතාල රජෙක්, මේ මිනිහා කොයිතරම් දූෂිත ක්‍රියා කලත් නීතියෙන් ගැලවුණා..., අන්තිමට මොහු හිරේ ගියේ බදු වංචාවක් නිසා, අවුරුදු 10කට හිරේ ගියායින් ඔහුගේ බල බිඳුණා. ලංකාවෙත් දූෂිත නිලධාරීන් දේශපාලනඥයින් දේපල ගන්නේ අනුන්ගේ නමට, මේ දේවල් නවත්වන්න නම් සියලුම දෙනා බදු ලේඛනයක ලියාපදිංචි විය යුතුයි. එවිට ආදායම් සඟවන්න බැහැ. දේපළ ගැන නියමිත වාර්තාවක් දිය යුතුයි, මේ දේ හරියට කළොත් මේකම ඇති මේ රට හරි පාරට ගන්න.. මගේ අදහස නම් මේ දෙයට විරුද්ධ වන්නන් ජාතිද්‍රෝහීන්...
අරුන්ට බුරියානි කන්න ගෙවපියව් බදු
මෙවර චන්දයෙන් සොරකම් නොකරන පිරිසක් පත්කරගමු .මෙයා කරපු දේකුත් නැහැ ,කරන දේකුත් නැහැ .නීත්‍යානුකුල ජනපති කෙනෙක් නොවී
ටැක්ස් ෆයිල් ඕපන් කරපල්ලා. ඊළඟට ඕව සිස්ටම් එකට එන්ටර් කරන්න කියලා කොටි ගණන් වියදම් කරලා කොම්පියුටර් ගෙනාපල්ලා. ඊළඟට කට්ටිය පුහුණු කරන්න කියලා පන්දම් කාරයෝ ටික රැන් පිටින් රට රටවලට යවපල්ලා. ටික කාලයක් කොටලා කොටලා අන්තිමේදී අර ආදායම් බදු එන්ටර් කළා වගේ කරලා කොම්පුටර් කැඩිලා සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ කියාලා අයෙත් ලිපි ගොනු කඩදහි පෑන් පැන්සල් වලින්ම වැඩ පටන් ගනිල්ලා. කොටි ගණන් සල්ලි දාපල්ලා වතුරේ. අනේ අපි නොදන්නවාද උඹලගේ ටැක්ස් ෆයිල් කෙරුවාව. අනේ නිකම් හිටපල්ලා.