(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය.
නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි රටේ ආර්ථිකය හැඩ ගස්වා නොගත හොත් රට ආපස්සට ගමන් කරන බවත් එහි අවසානය රට ආර්ථික යටත් විජිතයක් වීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් ගමනක් යාමට කටයුතු කළ යුතු අතර ඊට අවශ්‍ය කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතු බවත් අවධාරණය කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රට හදන යෝජනා ගන්න සංගායනාවක්
Sunil Thursday, 01 June 2023 08:29 PM
ජනතාවගේ කිසිඳු පිළිගැනීමක් නැති පිනාධිපතිගෙන් කිසිඳු හරයක් නැති විකාර කතාවක්... දශක ගණනාවක් බලයේ සිට කරගත නොහැකි වූ මේ දේවල් මාස කිහිපයක් තුළ කරගත හැකිද? 2048 කවදාවත් ළඟා නොවන පුහු මිරිඟුවකි.
සල්ලි Friday, 02 June 2023 07:08 AM
අච්චරක් මිනිස්සු ඉද්දි පක්ශ උපසභාපති කම නෑදෑයෙක්ට දුන්න මෙයා, සංගායනාව කියන විදියට ආර්ථික ප්‍රතිසංස්කරණ කරයි කියලා හිතන්න පුලුවන්ද ?
Perera Friday, 02 June 2023 07:57 AM
ඒ කියන්නේ අර බේස්ලට් චුවින්ගම් දුන්නා වගේ ගායනාවක්ද ?
නිහාල් Friday, 02 June 2023 08:40 AM
හැමදාම කටෙන් රට ගොඩනැගීමේ යෝජනා ටික එකතු කරලා තනුවක් දාලා ගායනා කරන්න.
mahinda Friday, 02 June 2023 10:57 AM
සංගායනා අවශ්‍ය නෑ.. මහජනතාවට කැමැති පාලකයින් තෝරා ගැනීමට ඉඩ දී මහජනතාව අඩු තරමින් තම පාලකයා ලෙසවත් තෝරා නොගත් රාජපක්ෂ අවතාරය ඉවත්විය යුතුමයි. මේ මවුබිම ඒහි සුජාත වූ දරුවන්ට හිමි සියලූ සම්පත් තම හිතෛයිෂී ගජමිතුරු කැලට හා විදේශීය සමාගම් වලට විකිණීම අවසන් කළ යුතුමයි.
Bunny Preena Friday, 02 June 2023 11:00 AM
ඇපි ඉතින් හැමඩාම කටින් බතල හිටවන ජාතියක්නෙ.
Rata Perata Friday, 02 June 2023 12:11 PM
මෙන්න මෙයාට මේක දාලා යන්න සංගායනාවක් කරන්න පුළුවන් නම්... ඇමැතිලාගේ බලුවැඩවත් නවත්වන්න බැරිව කොහොමද රටක් හදන්නේ?
ගමේ එකාලා Friday, 02 June 2023 03:46 PM
පින් ජනපතියානම් දූෂිත පවුල් පාලනේ උන් එක්ක සන්ගායනාවක් කරන බව නම් පේනවා.
Kazi Shajahan Friday, 02 June 2023 03:57 PM
රට හදන්න හොරුත් එක්ක මොන සංගායනාද?