
(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නගරබද උද්ධමනය මැයි මාසයේදී සියයට 25.2 ක් දක්වා අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී ඇත. මැයි මස උද්ධමනය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.1 කින් පහළ ගොස් තිබේ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 21.5 දක්වා පහළ ගොස් ඇති අතර එය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 9.1 ක පහළ යාමකි.මැයි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 27.0 ක් වන අතර එය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.6 ක පහළ යාමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ධමනය අඩුවෙනවා යනු බඩු මිල... අඩු වෙනවා නොවේ. උද්ධමනය සෘණ අගයක් ගත්දාට බඩු මිල අඩුවෙයි. පාර්ලිමේන්තු 225ට උද්ධමනය දැනෙන්නේ නෑ. මොකද එයාලා අපේ බදු සල්ලි වලින් ලොකු පඩි හදාගෙන ඉන්නේ...
මොන පොල් බූරුවෝ හදනවද මේ තොරතුරු .මහ පොලවේ පය තියලා බලාපියව් ,බඩු මිල ,ජීවන වියදම් .හෙන ගහලා මදි තොපිට
එතකොට එළවළු, මස් මාළු, පලතුරු ගනන් ගත්තෙ නැද්ද මේකට ? අඹ ගෙඩියක් , අලිපේර ගෙඩියක් එහෙම දැන් රුපියල් 300කට මෙහෙ ගන්න බෑ.