(ඉන්දිකා රාමනායක)
නතාෂා එදිරිසුරිය බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් කළ ප්‍රහසන වැඩසටහන යු ටියුබ් නාලිකාවට ඔස්සේ අන්තර් ජාලයට මුදා හරිමින් ඇයට ආධාර අනුබල ලබා දුන් බව කියන සමාජ ක්‍රියාකාරිකයකු වු බෲනෝ දිවාකර අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාල පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාරය කරමින් එයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බෲනෝ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
එම විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා බෲනෝ දිවාකර අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබු අතර පැය 8 ක ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකරගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඔහු හෙට (1) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම්වලට අපහාස කරන මේ සියලු දෙනාට නිසි දඬුවම් ලබාදෙන්න. ආගම් විකුණන් කෑම නැවැත්විය යුතුයි.
ඕනම ශාස්තෘන් වහන්සේ කෙනෙකුට හෝ ආගමකට නිගාවෙන අයුරින් කවුරු හෝ ප්‍රකාශ නිකුත් කරයිද වහාම අත්අඩංගුවට ගත යුතුයි...
අත් අඩංගුවට ගෙන ඇප නොදී ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව එකදිගට අසා කඩිනම් තීන්දුවක් දෙන්න අති ගරු ජනාදිපති තුමනි බහුතර ජන කොටසට කල අපහාසයට සාධාරණයක් වෙන්න .
හැම කෙනෙක්ම පාඩුවේ තම තමන්ගේ ආගම අනුව ජීවත් වෙද්දෙන්. කාටවත් කාගෙවත් ආගමකින් වැඩක් නෑනේ. මේ අය කරන්නේ NGO වලින් මුදල් අරගෙන අනවශ්‍ය වැඩ කරන එක. මේ වැඩ නතරවිය යුතුයි. හැම ආගමකම මිනිසුන්ට ඕන හැටියට ජීවත් වීමේ ගැටලු තියෙනවා..
රනිල්ස් මෝඩාභිමානේ .... කොටු වෙන්නේ 12% වයසක මිනිස්සු විතරයි
වැඩේ හරියන්නේ නැහැ.නාමල් රාජපක්ෂව ජනපති කරලා රට ජාතිය බුද්ධාගම බේරගන්න ඕනෑ නේද?
ඊණියා දෙශපාලන දඩයම නැවත පටන් ගත් වගයි. මානව හිමිකම් සම්බන්දයෙන් ජාත්යන්ත්‍රයට යා යුතු කාලය පමිණ ඇත.
ගිහියන් වේවා පැවිද්දන් වේවා දඬුවම් එකසේ පැනවීය යුතුය
මුන්ට ඕනේ ප්‍රශ්න ඇතිකිරීමයි මේ රටේ. Ngo මුදල් වලින් යැපෙන මේ අයගේ වැඩේ ngo කොන්ත්‍රාත් කරන එකයි. අසුචි ගොඩක් හරි කමක් නෑ අවුස්සලා මොකක් හෝ ප්‍රශ්නයක් ඇතිකිරීමයි මේ අයගේ ජීවනෝපාය.