කටුනායක - ටී.කේ.ජී. කපිල
ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ (31) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටිය ද, උන්වහන්සේ නියමිත ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය 12කට අධික කාලයක් එහි රස්තියාදු වීමට සිදු වූ අතර, පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත් කර යවා ඇත.
අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ අලුයම 1.10ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට පෙරේදා (30) රාත්‍රී 10.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත වැඩම කර ඇත.
ගුවන්තොටුපොළ සියලු නිෂ්කාෂණ කටයුතු නිමා කර, නියමිත ගුවන් යානයට පිවිසීම සඳහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන් ගෙන සිට ඇත.
මේ අතර, එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර බලා යෑමට අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමැතිවරුන් රැසක් ද මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ ඇත.
ඉන් මඳ වේලාවකට පසු විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස තායිලන්තය බලා පිටත්ව යන ගුවන් යානයට විශේෂ බස් රථයකින් රැගෙන ගොස් ඇත.
විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන්තොටුපොළ නිලධාරීන් ඊයේ (31) අලුයම 2.30ට පමණ දැනුම් දී ඇත.
පසුව, උන්වහන්සේ ඊයේ අලුයම යළිත් නිෂ්කාෂණ කටයුතු සිදු කර, ඊයේ උදෑසන 10.45ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 314 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරිය බව ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා පැවැසීය.
ඒ වන විට උන්වහන්සේ පැය 12කට අධික කාලයක් කටුනායක ගුවන්තොටුපොළේ රස්තියාදු වී ඇතැයි පැවැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්නාන්සේ වැඩියේ නැති උනාට අගමැති තුමා වැඩම කලානේ ?ඒ ඇති
මෙය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය සිරිතකි, දේශපාලන ගුන්ඩාවන් පැමිණි විට අන් අයගේ ගුවන් ගමන් කිසිදු හේතුවක් නොමැතිව අවලංගු කරයි, 2010 බහරේන් ගුවන් තොටුපළෙන් වරක් එයම සිදු විය, ගුවන් යානය ෆෝමියුලා වන් තරඟය නැරඹීමට පැමිණි MR ජුන්ටා දේශපාලන ගුන්ඩාවන්ගෙන් පිරී ගියේය. ඔවුන් මගීන් 35 කට වැඩි පිරිසක් අතහැර දමා ඇත. සමහරු ලන්ඩනයේ සිට කොළඹට සම්බන්ධ ශ්‍රී ලංකන් ගුවන් යානයක් සඳහා පැමිණියහ.
උන් වහන්සේ ආයි නම් ශ්‍රී ලන්කන් එකේ යන එකක් නැහැ.හැබැයි ඊ ළඟ දේශනයෙදි ඔය සිද්ධිය ලස්සනට උපහාසාත්මක විදියට කියයි. ලංකාවේ මුදලාලි කෙනෙක් පුත්තු තුන් දෙනාට බුද්ධ,ධම්ම,සංඝ කියල නම් දැම්ම හේතුව කියනවා වගේ.
ගරුතර අජාන් බ්‍රහ්මවංශ හිමියන් ලෝක පූජිත උනාට අපේ අයියලාට ලෝක පූජිත දේශපාලකයින්
මෙවන් හිමියන් රස්දියදු කරමින් ආගම් වලට නිගා කරන සියලු නිලදරීණ්, වග විභගයකින් තොරව දිවි අති තෙක් හිරෙ යැවිය යුතුය්. බැංකොක් නුවර තිය්න්නෙ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර අල්ලපු වත්තෙද?
අර බොරලුගොඩ එකාට, තායිලන්තයෙ ලේඩි බොයි කීව්වහම මෙලො සිහිහියක් නැහැ.
බොරලුගොඩ එකාලට LADY BOY මතක් වෙලා මොල කර වෙලා දුවද්දි ඉන්නෙ කව්ද කියල මතක නැහැ.
කවුද මේකට වගකිවයුතු කෙනා ?
උන්වහන්සේ නම් හිත දියුණු කරගත් උත්තමයෙක්. ඒ ගැන උපේක්ෂාවෙන් දකිනව ඇති. එවන් උත්තමයෙක් ගැන අපේ ගුවන් තොටුපළ නිලධාරීන් සොයා බැලුවා මදි වගක් හැඟේ. ඔවුන් සොයා බලා ඇත්තේ දේශපාලන කෙලෙස් කඳු ගැන. ඒක මේ ලෝක ස්වභාවය
කොහොමද අපේ ඇමතිලාගෙ වැඩ.
ඔය සිද්ධිය ගැන මමත් ටිකක් සොයා බැලුවා, මොකද අජාන් බ්‍රහ්මවංශ ස්වාමින්වහන්සේ කියන්නේ මුලු ලෝකයම ඉතාම ඉහලින් පිළිගන්න උතුම් භික්ෂුන් වහන්සේ නමක් නිසා.මේ සිද්ධිය යට ...නාකි,හම්පඩ,බංකොලොත් දේෂකාපාලුවෙක් සිටිනබවත් ඒ නාකි බලුකුක්කාට ආසනයක් දෙන්නට මේ උතුම් යතිවරයානන්ගේ ආසනය " කැන්සල් "කළබවයි කියවෙන්නේ. ශ්‍රීලන්කන් ගුවන්සේවය මේ වගේ අශිලාචාර වැඩ ඕනෑතරම් ඉතිහාසයේ කරලා ඇනගෙන තිබෙනවා.මතකද මහින්දරාජපක්ෂ කියන පට්ටහොරා ' වහාම ආසන 50 ක් ඉල්ලලා ,ඒ ඉල්ලීම ශ්‍රීලන්කන් ගුවන්සේවයේ හිටපු සභාපති පීටර් හිල් ප්රතික්ෂපකරලා ..අවසානයේදී පීටර් හිල් සේවයෙන් අයින්කරලා ..අන්තිමට හොඳින් ලාබලැබූ ගුවන්සේවය නැත්තටම නැතිවූ කතාව .ඒවගේම ගෝටාගේ ගෑනිට බල්ලෙක් ගෙනෙන්න ස්විස්වලට යවන්න, ජර්මනියට යන්න සුදානම් කරපු ගුවන්යානය අවලන්ගුකරපු කතාව.කාලකන්නි මුසේන්තු හොරුන් විසින් පාලනයකරන රටක මිට වඩා යමක් බලාපොරොත්තු වෙන්න හැකිද ...?
ඉතින් අපි කොහෙවත් නැති විහිලු කාරයෝ හිරගත කරනවා අපහාස කළා කියලා
දිනේෂ්ලා වගේ අයට ගිය කලක්...
වහාම පුද්ගලීකරණය කරන්න..
අජාන් මුනිවරයානන් වැනි උත්තමයෙක් පව්කාරයෝ රැසක් යන යානයේ යවන්න ශ්‍රීලංකන් කාර්ය මංඩලය බය වෙන්න ඇති රටවැසියන් හෙණ ඉල්ලන තරමට.
ඇත්තටම, රටට, සංස්කෘතියට, භික්ෂුන් වහන්සේලට, බුදු දහමට, අපහාස කරන්නේ කවුද? කියලා මේවයින් හොඳට පේනවා
මේක තමයි අපේ පින්පතිගේ කැබිනට් එකේ උන්ගේ හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් හැසිරීම , බොරලුගොඩ හම්පඩය හොඳටම දකින්න ඇති උන්වහසේ වැඩ ඉන්නවා
එතකොට බොරළුගොඩ බෞද්ධයෙක් වගේ ඉන්නේ බොරුවට...