
(නිමල් ජයරත්න)
වල් අලි තිදෙනකු පහරදී මියගිය බවට සැකකරන වල් අලියකුගෙ සිරුරක් වාලච්චේන පොලිස් වසමට අයත්, සාලම්බුචේන ගම්මානයේ බොරලු මාර්ගයක තිබී හමු වූ බව කිරාන් වනජීවී නිලධාරීන් සඳහන් කරයි,
වල් අලි හතර දෙනකු ඉකුත් 30 වැනි දා එම ප්‍රදේශයේ සැරිසරා ඇති අතර, එම අලි සිව්දෙනා සටනක නියැලෙන ආකාරය ප්‍රදේශවාසීන් දැක ඇති බව වනජීවී නිලධාරීහු සඳහන් කරති,
මියගිය වල් අලියා වයස අවුරුදු 40 පමණ වන බවත් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අම්පාර වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් අද සවස සිදුකිරීමට නියමිත බවද කිරාන් වනජීවී කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදියටවත් රටේ වල්අලි ගහනය අඩුවුණොත්, ඔය පළාත්වල ජීවත් වෙන අහිංසක ගොවීන්ගේ ජීවිත බේරෙයි...
පාර්ලිමේන්තුවේත් තව ඉස්සරහට අලි වලි එන්නත් බැරිකමක් නැහැ...!
අලි රංචුවේ නායකකම ගානට වෙච්ච සටනක්ද .එහෙමත් නැතිනම් ආදර සම්බන්ධතාවයක් හේතුකොට ගෙන වුන සටනක්ද දන්නේ නැහැ