(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර බෝධි පරිශ්‍රයේ බුදුමැදුර තුළ තිබී විශ්‍රාමික විදුහල්පතිවරයකු මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී අර්ල් මර්වින් මෙන්ඩිස් නැමති 72 හැව්රිදි විශ්‍රාමික විදුහල්පති වරයකු වූ එක්දරු පියකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා බුදුන් වැදීම සදහා නිතර කළුතර බෝධි පරිශ්‍රයට පැමිණෙන පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි .
හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතා පරීක්ෂණ සිදුකළ අතර , කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකිරිමට නියමිතව තිබූණි .
මූලික පරීක්ෂණවලින් පසු මෘතදේහය කළුතර ශීක්ෂණ රෝහලට යොමුකරන බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමන්ගේ මරණාසන්න අවස්ථාවේ සිත නිසැකවම පහන් වී තිබෙන්නට ඇති. එතුමන්ගේ භවගමන යහපත් වේවා!
නිවුණු සැනසුනු සිතින් අවසන් ගමන් ගිහින්. සුගති උපතින් පසු සසර ගමන ඉක්මනින් කෙලවර කරගනීවි...
ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවාමයි...!
බොහොම සිල්වත් ජීවිතයක් ගත කල කෙනෙකු බව පෙනෙ. ඔහුට ණිවන් සුව පතමි.