(මහින්ද නිශ්ශංක)
පොසොන් උත්සවයට අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවන් අනිද්දා 2 දා සිට 5 දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි.
මෙම විශේෂ පොසොන් දුම්රිය කොළඹ කොටුව, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජෙ.ඉදිපොලගෙ මහතා පැවසීය.
අනිද්දා 2 සවස 1.00ට ප්‍රථම පොසොන් දුම්රිය කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර සවස 4.40ට කොටුවෙන් හා ගාල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8.15 ට දුම්රිය දෙකක් පිටත් වේ.
3 දා උදේ 7.05 ට කොටුවෙන් හා උදේ 7.30 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානවලින් ද 4දා සවස 4.00ට කොටුවෙන් ද විශේෂ දුම්රිය පිටත් වේ.
මෙම විශේෂ පොසොන් දුම්රිය නැවත 3,4 හා 5 යන දිනවල අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව, ගාල්ල හා බෙලිඅත්ත දක්වා ධාවනය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd