(යොහාන් භාසුර)
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද රාත්‍රී පැවසීය.
ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කළ බවත් කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 20 කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද, ඉහළ දැමූ බවත් පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 385 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 340 ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 310 ක තව දුරටත් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ මොලේ ඇති එවුන් නෑ. එක්කො විනාශකාරි අදහස් තියෙන එවුන් ඉන්නව . වාහන වලට හොඳ 92 වඩා 95 පෙට්‍රල් . වාහනේ ගැන හිතනවනම් 95 මිල අඩු කරන්න ඕන . එකක අඩු කරල අනෙක වැඩි කරන්නේ මොන තියරියටද. සුදු සහ දුඹුරු සීනි වගෙ තමා. ඉතිං රටක් හැදෙයිද.
රජය අපට මිල සූත්‍රය දෙන්නේ නැත. ගණිත ඇදුරනි, මිල සූත්‍රය සෑදෙන් ශ්‍රිතය රටට ලබා දෙන්න .