(ඉන්දිකා රාමනායක)
ජා-ඇළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී එය සූරා අසභ්‍ය වදන් ලිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් මාර්තු මස දි මෙම සිද්ධිය සිදුව ඇති අතර රාත්‍රී කාලයේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී කිසිවකු විසින් එය සූරා අලාභ හානි සිදුකර එහි අසභ්‍ය වදන් ලියා තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
මෙම විමර්ශනය සිදු වෙමින් පවතින අතරතුර ජා ඇල පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් සිටී සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සේවයට වාර්තා කර නොමැති අතර සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ඉකුත් අප්‍රේල් 21 දින ඔහුට තනතුර අතහැර යාමේ නියෝග නිකුත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියල්ල තහවුරු කරගෙන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විධියටම මැති ඇමැතිලාට එරෙහිව ඉදිරිපත් වන අනෙකුත් පැමිණිලි සම්බන්ධයෙනුත් "දීර්ඝ විමර්ශනයක නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියල්ල තහවුරු කරගෙන" කියලා අසන්නට ලැබේවා!
මේ ජීප් රියේ අයිතිකරු OICද? නැතිනම් ඉන්දියන් රජයෙන් දීපු එකක්ද?