(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4823 දෙනකු වශයෙන් සිසුන් 25157 දෙනකු ඉල්ලුම් කර තිබූ බවද අමිත් ජයසුන්දර මහතා කීය.
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් නැවත සමීක්ෂණයේදී පරීක්ෂකවරුන් දෙදනකුගේ පරීක්ෂාවට ලක්කළ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සතුටුයි මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගය ලියපු අවස්ථාවේ නැවත සමීක්ෂණ ඉල්ලුම් පත්‍රය විදුහල්පති දේශපාලන හේතු මත යවා තිබුනෙ නැහැ කියලා දැනගත්තෙ නියමිත කාලය ඉකුත්ව ගියාට පස්සෙ තමයි උසස් පෙළ විභාගය වෙනුවෙන් නැවත සමීක්ෂණ ඉල්ලීම ඉදිරිපත් කලාම නියෝජ්‍ය විදුහල්පති කිව්වෙ ඕව යවල වැඩක් නැහැ පරීක්ෂා කරන අයට දඩුවම් කරන්න බැරිනිසා ප්‍රතිඵලය වෙනස්කරන්නෙ නැහැ කියලා ඒක සත්‍ය බව නැවත සමීක්ෂණ ප්‍රතිඵලය අනුව සත්‍ය වුනා සත්‍ය වශයෙන්ම දක්ෂතා ඇති දරුවො තෝරා ගැනීම ගැන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි කියන්න පුළුවන්
මොන සිහියෙන් ප්‍රශ්න පත්‍ර පරික්ෂා කළා ද කියලා දෙයියෝ තමා දන්නේ?
සමස්ත උත්තර පත්‍ර බැලීමේදී 0.58% ක් වැරදියට බලල තියෙන්නේ. මේක ඇත්තෙන් ම වරදක්. නැවත පරීක්ෂණය අයදුම් නොකළ තව කොච්චර ඇතිද? ඒ අයට වන අසාධාරණය? මේ ලියන මගේ A/L ප්‍රතිඵල 'C' එක 'B' වුනා. එකෙන් මට ඉන්ජිනේරු පීඨයට යන්න ලැබුනා. වැරදියට බලන අයට දඬුවම් දියයුතුය.
ඔය විදියට නැවත සමීක්ෂණයට ඉල්ලපු නැති කී දෙනෙක් පාස් වෙලා ඇතිද ?පවු අහිංසක ළමයි
එතකොට මේ දරුවන්ගේ උත්තර පත්‍ර පළමුවරට බලපු අයට මොකුත් දඬුවමක් නැත්ද?
ප්‍රතිඵල ආවට පස්සෙ ඒ ළමයින් අසමත් වීම නිසා ලැබුන මානසික පීඩනය අපහාස ආදියට විභාග දෙපාර්තමේන්තුව වන්දි ගෙවනවද? එහෙම නැත්තන් සමාව ගන්නවද?
දැන් එතකොට වැරදියට උත්තරපත්‍ර බලපු පරීක්ෂක වරුන්ට මොකද කරන්නේ ? උසස්වීමක් දෙනවද ?
මුං ගංජා ද පේපර්ස් බලල තියෙන්නෙ
මොකුත් කියන්න හොඳ නෑ. මේව දැක්කත් නොදැක්ක වගේ ඉන්න, වැටුප් දීමනා මතතෙම නහින ගුරු සංගම්වල හිත රිදෙයි..
ලන්තේ ලොන්ත වුන රටේ ඔක්කොම වැඩ කිසි කමකට නැහැ .දුක ළමයින්ට අනාගතයක් ලංකාවේ නැති එක ගැන
ප්‍රශ්න පත්‍ර බලන ගුරුවරයෙක් හැටියට මටනම් මෙතන ලොකු වරදක් වෙලා කියලා පේන්නෙ නෑ. Human error කියන එක අපට බින්දුව කරන්ට බෑ. ඒ නිසා තමා නැවත පරීක්ශනය කිරීමට අවස්තාවක් ලබා දීලා තියෙන්නෙ. නැවත සමීක්ශනය කරපු 25,000 කින් විතර (එ කියන්නෙ තමන්ගෙ ප්‍රතිපලය වෙනස් වෙන්ට ඔන කියලා හිතපු 25,000 කින් ) 146 ක් කියන්නෙ 0.58%ක්. 1% ටත් අඩුයි. 25,000 ක් විතර ගත්තම, පාස් වෙන්ට එක ලකුනක් මදි අය එතන 100ක් 200ක් ටත් වැඩිය ඉන්ට පුලුවන්. මට හිතෙන්නෙ නැවත සමීක්ශනය කරපු අයගෙත් හිත උනු වෙන්ට ඇති. ප්‍රශ්නයකට හරි/වැරදි උත්තර අතර තරමක් හරි/වැරදි උත්තර තියෙන්ට බැරිද?? මට කියන්ට ඔන උනේ මේකයි. ගුරුවරයා කොම්පුටරයක් වගේ සලකලා මස් රාත්තලම ගන්ට ගිහින් නැවත සමීක්ශන නිදහව නැති කරගත් යුතුත් නෑ.
මේවගේ වැරදිවලට ගුරුවරුන්ට කිසිම විදියක සමාවක් දෙන්න එපා. විශේෂයෙන් දෙවනවර පරික්ෂා කරපු නැවත සමීක්ෂණය තහනම් කරන්න
මට නම් අන්ජ බජල් වගෙයි