ඩෙංගු රෝගය වැළඳුණු දරුවන් 18 දෙනකු  ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බව අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා පවසයි.

දැනට රෝගය වැළඳී සිටින එම දරුවන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම සිසු දරුවන් විභාගයට යොමු කළ බවට අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

විභාගය පැවැත්වෙන අතරතුර ද අවශ්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය පරික්ෂණ සිදු කරන බව ද ඔහු කියා සිටියේය.

අයි.ඩී.එච් රෝහලේ දැනට ඩෙංගු වැළඳුණු රෝගීහු 96 දෙනෙක් ප්‍රතිකාර ලබති.