
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස ප්‍රභාත් ජේ. මලවිගේ මහතා අද (29) වැඩභාරගත්තේය.
වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨතම සහ කීර්තිමත් නිලධාරියෙක් වන මලවිගේ මහතා වරාය අධිකාරියේ ලාබාලතම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස ද ඉතිහාසයට එකතු විය.
මෙම තනතුරට පත්වීමට පෙර වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඒ මහතා වසර 18 කට අධික කාලයක් කළමනාකරණ ක්ෂේත්‍ර පළපුරුදු නිලධාරියෙකි.
සුවිශේෂි අධ්‍යාපන ජයග්‍රහණ රැසක් ලබා ඇති මලවිගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණය සහ තක්සේරුව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකි.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදනය පිළිබඳ විද්‍යාපති උපාධිය සම්පූර්ණ කළ අතර ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද සම්පූර්ණ කළ නිලධාරියෙකි.
ඒ මහතා වරාය වෙළෙඳ නාවික ක්ෂේත්‍රය හා සේවා සැපයුම් මෙහෙයුම් සම්බන්ධයෙන් ද වන ජාත්‍යන්තර මට්ටමේ පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්‍රණ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවස්ථා රැසකදී සහභාගි වී තිබේ.
ඔහු සුදුසුකම් ලත් වෘත්තීමය කථිකාචාර්යවරයෙක්, පුහුණුකරුවෙක් වන අතර දුරස්ථ සංවේදනය හා පරිශ්‍ර කළමණාකරනය පිළිබඳ වෘත්තිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ටන්දර නම් ගොඩයි. වැඩ කොහොමද දන්නැහැ...
වැඩද? ඉස්සෙල්ලම බලයි සාක්කුවට ගානක් වැටෙන වැඩක් හදාගන්නේ කොහොමද කියලා..., පත්කළ ඇමැතිය, තමුන් ඔතෙන්ට මාට්ටු කළෙත් ඒ වැඩේටම හින්දා..
ලාබාලම කියන්නේ වයස කීයක් විතර වෙයිද?
හොඳ ගාණක් හම්බකරගෙන යාවි... හි හි හි...
මේ වැනි ඉහළ සුදුසුකම් ඇති ඔබතුමාට අපගේ සුබ පැතුම් ... ඒත්, වරාය අධිකාරිය කියා කියන්නේ හොරකම් හා දූෂිත වැඩවලින් පිරි ස්ථානයක්.මෙම ආයතනය පිරිසිඳු කොට සැබෑ ජනතා මෙහෙවරක් සඳහා යොමුකිරීමට ඔබතුමාට අවස්ථාව උදාවේවා .. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලත් කෙනෙකු මෙවන් තනතුරක් හෙබවීම එහි ආදී හා වර්තමාන විද්‍යාර්ථීන් හටද අභිමානයක්.
ඔතනට මොන සුදුසුකම් තිබුනත් අපේ ගෝත්‍රික රටේ වැඩක්නැහැ.. නුගත් ඇමති දෙන නියෝග ක්‍රියාත්මක කිරීම හැර තමුන්ගේ ස්වාදීන මතයක් හෝ යහපත් ප්‍රයෝජනවත් දෙයක් රටට වැඩදායී දෙයක් කරන්න ඉඩක් නැහැ.. ඔය සුදුසුකම් කැලේට හඳ පායලා වගේ තමයි