(බී.ජී. චතුරංග)
දෙස් විදෙස්, බෞද්ධ, අන්‍යාගමික, විවිධ ජාතිකයන් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් මේ වන විට වන විට පරිත්‍යාග කර ඇති නිසා රජයෙන් වෙන් කළ ලක්ෂ 31ක මුදලෙන්, තඹ දොයිතුවක් වත් මෙම උත්සවයට අවශ්‍ය නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
පොසොන් ආලෝක පූජාව, මිහිඳු පෙරහර, සති පිරිත් දේශනාව ඇතුළු ආගමික වැඩ සටහන් සඳහා ඇස්තමේන්තු ගත මුදල ලක්ෂ 225 යි, ඉතුරු ලක්ෂ 150කට වැඩි මුදල කෙසේ හෝ සොයා ගෙන හැකි උපරිම අයුරින් මිහින්තලාව ආලෝකමත් කිරීමට සූදානම් බව උන්වහන්සේ පැවසූහ.
මූල්‍ය කළමනාකරණය පිළිබඳව සිඟාලෝවාද සූත්‍රය මගින් බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කර ඇති බවත්, ආර්ථික ඝාතකයන් ලෙස හඳුන්වන පුද්ගලයන් මූල්‍ය කළමනාකරණය සංඝරත්නයට ඉගැන්විය යුතු නැහැ
දිවයිනේ විවිධ ප්‍රදේශවලින්, විවිධ ජාතිකයන්, විවිධ ආගමිකයන් මිහින්තලාවේ පොසොන් උත්සවය සඳහා හැකි පමණින් තම දායකත්වය ලබා දී තිබෙනවා, ඒ අතර ආදිවාසි ජනතාවද සිටිනවා, පිරිසක් දෙවුන්දර තුඩුවේ සිට චාරිකාවකින් පැමිණෙන්න සූදානම් වෙලා සිටිනවා, කොළඹ කැස්බෑවේ පදිංචිකරුවකු වන ආනන්ද මහතා ඔහුගේ පදනමින් චාරිකාවකින් පැමිණ පරිත්‍යාගයක් කිරීමට සූදානම්.
මිහින්තලා පුද බීමේ පැවති මාධ්‍ය හමුවකදී ඒ හිමියෝ මේ බව පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මෙතනත් තියෙන්නේ අනෙකා කෙරෙහි වෛරය වපුරවමින් තරඟ කිරීමක් නෙව්යිද අපේ හාමුදුරුවනේ . තවත් ඥානසාර කෙනෙක් නොවී බුදුරජානන් වහන්සේගේ අපරිමිත කරුණා ගුණය සිහිපත් කරගෙන නිහඬව තමන්ගේ අරමුණ කර වැඩියනම් තමා වටිනාකම
ඔය ලයිට් දමන්න වැඩේ බොරු වැඩක්... බදු මුදල් ඔව්වාට දෙන්න බැහැ.
ආර්ථික ඝාතකයෝ කවුද කියලා මාත් හොයහොයා හිටියේ...
කොතරම් වැදගත් වුවත් ආගමික කටයුතු සඳහා මේ කාලකණ්ණි රජය මත යැපෙන්න එපා...
මිහින්තලය මෙතරම් වියදමක් දරා ආලෝකමත් කරනවාට වඩා බෞද්ධ ප්‍රතිපත්ති තුලින් මිනිසුන්ගේ හදවත් අලෝක කරන එක නේද හාමුදුරුවනේ වටින්නේ. මෙව්වා ඔක්කොම සාසනයෙන් බැහැර විගඩම්.