(ආර්.එෆ්.එම්.සුහෙල්)
මිය ගිය දරුවා බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන ගිය පියා හා මිය ගිය දරුවාට සිදු කළේ කුමක්ද පිළිබඳව කඩිනම් විමර්ශනයක් නුවරඑළිය පොලිසිය සිදු කරන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි .
නුවරඑළිය නගරයෙ සංචාරයකට පැමිණි අවස්ථාවක හිටිහැටියේ දරුවාට සිහිය නැතිවූ බව පවසමින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට වයස අවුරුදු 14ක් වූ පිරිමි දරුවකු ඔහුගේ පියා යැයි කියා ගත් පුද්ගලකු විසින් ඇතුළත් කිරීමත් සමඟ හදිසි තත්වය සලකා වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම සදහා අපේක්ෂා කරන අවස්ථාවේදී දරුවා මිය ගිය බව දරුවා රැගෙන ආ පුද්ගලයාට පවසා ඇත ,
වෛද්‍යවරුන් එසේ පැවසීමෙන් උරණ වූ එම පුද්ගලයා මීට කලිනුත් මගේ දරුවාට මෙහෙම කලන්තයක් වගේ ඇවිත් දරුවා මැරුණා කියලා වෛද්‍යවරුන් මාව බය කරා මම පෞද්ගලික රෝහලට එක්කන් ගිහින් දරුවා බේරාගන්නම් යනුවෙන් කේන්තියෙන් පවසා දරුවා හදිසියෙන් දරුවා රෝහලට ගෙනා බස් රථයේම දමා රැගෙන යාමට එම පුද්ගලයා කටයුතු කළ බව පවසා දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන් නුවරඑළිය පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බව නුවරඑළියෙ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියා නිවැරැදි විය හැකියි.