(යොහාන් භාසුර)
ඉන්ධන කෝටාව එළඹෙන අඟහරුවාදා (30 වැනිදා) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (28) පස්වරුවේ පැවසීය.
යතුරුපැදියක් සඳහා සතියකට දැනට නිකුත් කරන පෙට්‍රල් ලීටර 7 ලීටර 14 ක් දක්වා ඉහළ දමන බව කී අමාත්‍යවරයා මගී ප්‍රවාහනය සඳහා ලියාපදිංචි ත්‍රීරෝද රථයකට සතියකට හිමිවන ඉන්ධන ලීටර 15, ලීටර 22 ක් දක්වා ද ඉහළ දැමූ බව සඳහන් කළේය.
වෙනත් ත්‍රීවිල් සඳහා පැවැති ලීටර 8 ක කෝටාව ලීටර 14 ක් දක්වා ද, කාර් රථයක් සඳහා පැවැති ඉන්ධන ලීටර 30 ක කෝටාව ලීටර 40 ක් දක්වා ද, ඉහළ දැමූ බව ද අමාත්‍යවරයා කීය.
බස් රථ සඳහා මෙතක් පැවැති ඉන්ධන ලීටර 60 ක ප්‍රමාණය ලීටර 125 ක් දක්වා ද, ලොරි රථ සඳහා පැවැති ඉන්ධන ලීටර 75 ක ප්‍රමාණය ලීටර 125 ක් දක්වා ද, ඉහළ දැමූ බවත් සෙසු වාහනවල ද ඉන්ධන කෝටාව ඉහළ දැමූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සලාක කාලීනව විචලනය කළ යුතු බව ඇත්ත. ඒත් රටේ හදිසියක දී ඉන්ධන හිඟයක් ඇති නොවන පරිදි මෙය කළ යුතුයි. අනවශ්‍ය ලෙස සලාකය ඉහළ දැමුවහොත් නැවත අමතර ඉන්ධන ප්‍රමාණ තොග ගබඩා කර තබා ගැනීමටත් ඒ හරහා කළු කඩ ව්‍යාපාරයක් පෙර පරිදිම ව්‍යාප්ත වෙන්නත් පුළුවන්.
කංචනගේ පංතියේ අයට අපි නොමිලේ බදු සල්ලි දෙන හින්දා කංචන ගේ පංතියේ අයට ගොඩක් තෙල් ගහන් ගොඩක් දුර යන්න පුලුවන් .
කොච්චර දුන්නත් මක්කටැ කාසි කෝ ?
හෙඩින් එක දැක්කම හිතෙන්නේ තෙල් නිකන් දෙනවා වගේ...
රටේම සමස්තයක් ෂෙඩ් ගොඩක් වෙලාවට හිස්... කොහේ තියෙන සල්ලිද මිනිසුන්ට වාහන වලට තෙල් ගහන්න.රටේම ජනතාවට ජීවත්වෙන්න බැරි තරමට බදු පිට බදු ගහල හොමිබෙන් යන්න දීල ජනතාවට මොන තෙල් කෝටද??? උබලම ගහගනිල්ල ඔය තෙල්.