(දිල්රුක්ෂි ග්‍රේරු)

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ උදයදේවි සීග්‍රඝාමි දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව පැය තුනකට අධික කාලයක් මහව දුම්රිය ස්ථානය නතර කර තබා ඇත. 

ගල්ඔය දුම්රිය ස්ථානයේදී  ගවයකු හැපීමෙන් පසු මෙම කාර්මික දෝෂය හටගත් බව මහව දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් සඳහන් කළේය.

රාත්‍රි 12.30ට පමණ මහව දුම්රිය ස්ථානයෙ නැවැත්වු දුම්රිය කාර්මික දෝෂය යථා තත්වයට පත් කිරිමෙන් පසු අලුයම 4.00ට පමණ කොළඹ බලා ගමන් ආරම්භ කළේය.

මේ හේතුවෙන් මඩකලපුව සිට කොළඹ බලා ගමන් ගත් දුම්රිය මගීහු දැඩි අපහසුතාවට පත් වූහ