
(අමදෝර අමරජිව)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ත්‍රිකුණාමලය තටාකාංගණය පාරේ පිහිටි නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබු රුවල් නැවක සවිකර තිබු රුවලකට කිසියම් අයකු ගිණිතබා ඇතැයි ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෞතුකාගාර බාර නිලධාරිනි බි.එච්.ඒ.රූපා නැමැති අය පොලිසියට පැමිණිල්ලක් කරමින් පවන්නේ කෞතුකාගාරයේ උඩුමහලේ තමන් සිටින විට පහල මාලයෙන් දුමක් පිටවිම නිසා බලද්දි මෙම රුවල ගිණිගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම ගින්නෙන් රුවල් නැවට සුළු හානියක් පමණක් සිදු වි ඇති අතර වෙනත් ආකෘතිවලට හෝ කෞතුක භාණ්ඩවලට හානියක් සිදු වි නොමැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඛඩාකප්පල්කාරි වැඩක්ද.? එහෙමත් නැතිනම් නොසැලකිලිමත් කමින් විසි කල දුම්වැටියක් නිසා හට ගත් ගින්නක්ද ? හොඳ වෙලාවට රූපා මහත්මියට එය දකින්නට ලැබුනෙ. CCTV කැමරා තියෙනවානම් එය සිදු උනෙ කේසේදැයි සොයා ගන්ට පුලුවන් වෙයි.